දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක කේෂව් මහරාජ් පළමුව පන්දුවට පහරදීමට තීරණය කර අතර ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා […]
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන්.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද […]
මේ වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වලංගු වීසාවල කාලය මාසයකින් දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඊයේ පැවැති දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 14 කින් තියුණු ජයක් හිමි කරගත්තා. අපි සියලු දෙනාම බලාපොරොත්තුවෙන් සිටි ඒ ජයග්‍රහණය ට මග පැදු ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ සුභාෂිංශන… අද කතාව මේ ගැනයි..
මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
ලබන ඉරිදා සහ සඳුදා දිනවල ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර අත්‍යවශ්‍ය සේවා වල නිරත වන නිලධාරීන්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවසර ලබා දී ඇතැයි ද, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. අදාල පිහි ඇනුමට සම්බන්ධ සැකකරු ශ්‍රී ලාංකිකයෙක් බව එරට පොලීසිය සදහන් කරනවා. ප්‍රහාරයට සම්බන්ධ සැකකරු එරට පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබෙනවා.
කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් තවත් දින 7කට රට තුළ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.
දකුණු අප්‍රිකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14ක විශිෂ්ට ජයක් හිමිවුණා. ඊයේ කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණඩායම හිමි කරගත් අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත […]
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 22ක් මෙරටට ලබා දී තිබෙනවා.
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීතිරීති කඩ කළ පුද්ගලයින් 577 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 63,908 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.