News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
6

ආසාදිතයින් 1,952ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 1,952 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 386,509ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
6

සියලු ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් විවෘතයි

Generic placeholder image

සියලු ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් විවෘතව තැබීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව සැප්තැම්බර් 9 සහ 10 දෙදින විවෘත කිරීමට නියමිතයි.


Sep
6

ගිනී රාජ්‍යයේ හමුදාව එරට පාලන බලය අත්පත් කරගනි

Generic placeholder image

ගිනී රාජ්‍යයේ හමුදාව එරට පාලන බලය අත්පත් කරගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අනුව කුමන්ත්‍රණයෙන් පසු හමුදාව රජය විසුරුවා හරින බව පවසා නැවත දැනුම් දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කෙසේ වෙතත් කලාපීය හා ජාත්‍යන්තරය දැඩිව හෙළා දැක ඇති අතර එ.ජා. මහලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ජනාධිපතිවරයා වහාම නිහස් කරන ලෙසයි.


Sep
6

පිලිපීනය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Generic placeholder image

පිලිපීනය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබෙනවා. සංචාරක තහනම ඉවත් කෙරුණද කෙසේ වෙතත් එරටට පැමිණෙන සංචාරකයින් පිලිපීනයේ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බව පැවසෙනවා.


Sep
6

දිස්ත්‍රික්ක 22 ක මධ්‍යස්ථාන 257 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය අදත්

Generic placeholder image

අද දිනයේ දිස්ත්‍රික්ක 22 ක මධ්‍යස්ථාන 257 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. එම මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්


Sep
6

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් […]


Sep
6

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
6

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට රැගෙන එයි

Generic placeholder image

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත්, අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබෙනවා. ඒ අද අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.


Sep
6

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන අතර මිය යන විට ඔහු 68 වන වියේ පසුවුවා.


Sep
5

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20-29 පුද්ගලයින් එන්නත්කරණය හෙට ඇරඹේ

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20-29 පුද්ගලයින් එන්නත්කරණය හෙට (06) සිට ඇරඹෙනවා. මේ අනුව අදාල දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කරන ස්ථානවලදීම එන්නත් ලබා දෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Sep
5

අද මේ දක්වා ආසාදිතයින් 2,564ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,564 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 462,023ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
5

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post