මෙරට ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්තට සුභ පතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර සිටින්නේ ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකාව ඉහළින් තැබීමට ඔබ ගත් ප්‍රයත්නය අගයකරන බවයි. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ට්විටර් පණිවුඩයක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ට්විටර් […]
මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍වරයෙකු සහ පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ටියුඩර් ගුණසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්. මිය යන විට ඒ මහතා 86 හැවිරිදි වියේ පසුවූවා.
ඉතාලියට ඇතුළුවීම සඳහා පනවා තිබූ තහනම අද සිට ලිහිල් කර තිබෙනවා. ඒ අනුව අද සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට ඉතාලියට ඇතුළුවීමට අවසර ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් වුණා. දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර මීටර 67යි දශම 7යි 9ක ලෝක වාර්තාවක් පිහිටුවමින් ඔහු ඒ,අ තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.
සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම අද සිට ආරම්හ කර තිබෙනවා. ලබන බදාදා සිට සතොස සහ සමුපාකාර වෙළෙඳසැල් හරහා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ ලබාදීම මේ අනුව සිදු කෙරෙන බවයි අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කලේ.
ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මුම්බායි, චෙන්නායි, බැංගලොර් දක්වා සතිපතා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක වන අතර හයිද්‍රබාද්, නවදිල්ලිය සහ කොළඹ අතර සති දෙකකට වරක් ගුවන්ගමන් සිදුකෙරෙන බව වාර්තා වන්නේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,204 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 357,598ක්.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,698 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 425,255ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 718 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘත කර තිබෙනවා. ඒ තොග වෙළදාම සදහායි.. කෙසේ වෙතත් අද දිනයේ එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,