News Line| Off Air
Generic placeholder image

Aug
24

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් 200 දෙනෙකු ප්‍රතිකාර ලබයි

Generic placeholder image

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් 200 දෙනෙකු ප්‍රතිකාර ලබන බව ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුලවත්ත මහතා සදහන් කරනවා. දැඩි සත්කාර ඒකකයේ මේ වන විට දරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනවා.


Aug
24

අද මේ දක්වා ආසාදිතයින් 3,315ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,315 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 397,670ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
24

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද සිට ඇරඹේ

Generic placeholder image

2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වන අතර මෙම උළෙල සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙනවා.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් එක්ව මෙම ක්‍රීඩා උළෙල සදහා එක්වෙනවා.


Aug
24

2,386ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,386 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 346,767ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
24

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ භූ චලනයක්

Generic placeholder image

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ මැග්නිටියුඩ් 5.1 ක භූ චලනයක් සිදුව තිබෙනවා. ඒ යාපනයට 610Km ක් දුරින්. කෙසේ වෙතත් භූ චලනයෙන් මෙරටට බලපෑමක් නොමැති බව වාර්තා වෙනවා.


Aug
24

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්…


Aug
24

ඊයේ දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

Generic placeholder image

ඊයේ දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහත පරිදි වේ..


Aug
24

සතිපතා ඔක්සිජන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේදී මේ බව සදහන් කර තිබෙනවා.


Aug
24

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි. මිය යන විට ඒ මහතා 65 වන වියේ පසුවූවා..


Aug
24

අද කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන ස්ථාන මෙන්න

Generic placeholder image

අද දිනයේ දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 176 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Aug
24

කොවිඩ්වලින් ආරක්ෂා වෙන්න පෝෂ්‍යදායි ආහාර ගන්න – වෛද්‍යවරුන් කියයි

Generic placeholder image

කොවිඩ්වලින් ආරක්ෂා වීම සදහා පෝෂ්‍යදායි ආහාර ගැනීම අතවශ්‍ය කරුණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ, “මේ වෛරසයට විශේෂ බෙහෙතක් නෑ. අපිට තියෙන ඒකම විසඳුම අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න ඒක තමයි. අපේ මානසික සෞඛ්‍ය පවා බලපානවා මේකට. උදේ, දිවා, රාත්‍රී ආහාර නොවරදවාම ගන්න. අපේ ආහාර වේලට […]


Aug
24

අද සහ හෙට ආර්ථීක මධ්‍යස්ථාන විවෘත වෙයි

Generic placeholder image

අද සහ හෙට යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා. ඒ තොග වෙළෙඳාම සඳහා පමණක්. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳුන් සඳහා අද දිනයේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post