මොරටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් වෙළෙඳසැළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සදහන් කරන්නේ.
අද දිනයේ යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නන්කරණ වැඩසටහන පහතින්,
ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන රීති කැඩූ පුද්ගලයින් 186ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 55,842ක්.
ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිලක් ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ 2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේයි. අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගිය 19 වන දිනට අදාළවයි.
පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් අද(21) සහ හෙට(22) යන දිනයන්හිදී අපේක්ෂා කෙරේ. මධ්‍යම, ඌව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතරඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.මෙම ප්‍රදේශ වලඅහස වලාකුළින් බරව පවතිනු ඇත […]
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,825ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
චීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන ඉහළ දැමීමට අදාල නීතිය එරට බලධාරීන් විසින් අනුමත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා එම නීතිය පැවතුනේ වීවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන දෙදෙනෙක් ලෙසයි. ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩු වී ඇති හෙයින් එම තීරණය ගෙන තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් […]
කොරෝනා ආසාදිතව සිටි තවත් 2096ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 320810 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30 ට ජාතිය ඇමතීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය සදහන් කරනවා.
ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව අතර ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 02 වෙනිදා සිට සජීවීව සියත tv තුලින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ඔබට නැරඹීමට අවස්ථාව හිමි වනවා. පසුගියදා පැවැත්වූ ඉන්දීය තරගාවලියේදී ද මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ සියත අප නාලිකාව වන අතර එම ජයග්‍රාහී මාධ්‍ය මෙහෙවර මෙම තරගාවලිය සදහා ද අප ලබාදීමට කටයුතු කරන අතර ඒ සදහා එක් […]
අද රාත්‍රී 10 සිට මෙම මස 30 වැනි දා දක්වා රට අගුළු දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් එක් කරමින් සදහන් කර සිටිනවා.
කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,