News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

ආසාදිතයින් 2,244 ක් සුවය ලබයි

Generic placeholder image

අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,244 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබු සමස්තය 300,406ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Aug
11

ශ්‍රී වික්‍රම රාජසිංහ ස’

Generic placeholder image

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන ඉතිහාසයේ අහන්නට ලැබෙන්නේ ම බොහෝ විට අයහපත් දේවල්මයි.. නමුත් මේ කියන්නේ ඊට වෙනස් කතාවක්..


Aug
11

දුම්රිය සේවා භාවිත කල හැක්කේ අවසරලත් පිරිසට පමණයි

Generic placeholder image

දුම්රිය සේවා භාවිත කල හැක්කේ රාජකාරි හැඳුනුම්පත හෝ අවසර පතක් හිමි පිරිසට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කලේ, “මින් ඉදිරියට දුම්රිය ස්ථානයට පැමිණෙන විට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව, ගමන් කිරීමට අවසර ලත් අය සඳහා පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන අතර, ඒ […]


Aug
11

පළාත් අතර බස් රථ ධාවනය සීමා කෙරේ

Generic placeholder image

පළාත් අතර බස් රථ ධාවනය සිමා කර තිබෙනවා. පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් පෞද්ගලික බස් රථ ධාවනය ද පළාත තුලද සියයට 40 ක් දක්වා අඩු කර ඇති අතර ලංගම බස් සේවා ද පළාත් අතර ධාවනය අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් සිමා කර තිබෙනවා.


Aug
11

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක්

Generic placeholder image

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරනවා. ඒ අනුව පීසීආර් පරීක්ෂාවක් සදහා රු 6,500ක් සහ ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිමව ව රු 2,000ක මුදලක් අය කල හැකි බවත් ඊට අදාල ගැසට් නිවේදනය හෙට (12) දින නිකුත් කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Aug
11

2020 වසරේ ලොව වැඩිම පිරිසක් භාගත කළ අන්තර්ජාල යෙදවුම TikTok

Generic placeholder image

2020 වසරේ ලොව වැඩිම පිරිසක් භාගත කළ අන්තර්ජාල යෙදවුම බවට TikTok යෙදවුම පත්ව තිබෙනවා. ඇනී ඩිජිටල් විශ්ලේෂණ සමාගාම විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක් මගින් මේ බව අනාවරණය වී තිබෙනවා. එම සමීක්ෂණ වාර්තාවේ දෙවන තැන ෆේස්බුක් මැසෙන්ජර් යෙදවුම බවට පත් වී තිබෙනවා.


Aug
11

පොදු ප්‍රවාහන සේවා නිරෝධායන රීතින් ගැන පොලිසිය විමසිල්ලෙන්

Generic placeholder image

පොදු ප්‍රවාහන සේවා නිරෝධායන රීතින් ගැන පොලිසිය විමසිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ සදහා සොයා බැලීමට රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Aug
11

කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම රඳවා තබා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයිනේ සෙසු පළාත් වලටත්

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම රඳවා තබා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයිනේ සෙසු පළාත් වලටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍යඅංශ සදහන් කරනවා. 1390 මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරුන් දින 14 දක්වා ආසාදිතයින් නිරීක්ෂණය ට ලක් කරනු ලබයි.


Aug
11

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට සැලසුම්

Generic placeholder image

ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට තීරණය කර තිබෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සදහන් කරනවා. ඒ පවතින කොවිඩ් අවදානම හේතුවෙන්. ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 වන දින දක්වාත් අගෝස්තු 18 වන දින පළමු […]


Aug
11

බස්නාහිර වයස අවුරුදු 60ට වැඩි ජනතාව එන්නත්කරණය අද සිට යළි ඇරඹෙයි

Generic placeholder image

බස්නාහිර වයස අවුරුදු 60ට වැඩි ජනතාව එන්නත්කරණය අද සිට යළි ආරම්භ කෙරෙනවා. මේ අනුව අද සිට දින තුනක් එම පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. එන්නත ලබාදෙන ස්ථාන හා දිනයන් පහතින්,


Aug
11

යුද හමුදාවේ පූර්ණ දායකත්වයෙන් අද එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථාන මෙන්න

Generic placeholder image

සෞඛ්‍ය අංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ දායකත්වයෙන් අද එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථාන පහත පරිදි වේ.


Aug
11

අඛණ්ඩව දෙවන දිනටත් කොවිඩ් මරණ ගණන 100 ඉක්මවයි

Generic placeholder image

අඛණ්ඩව දෙවන දිනටත් මෙරට කොවිඩ් මරණ ගණන 100 ඉක්මවා ගොස් තිබෙනවා. පෙරේදා දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළගොස්තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post