PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරනවා. ඒ අනුව පීසීආර් පරීක්ෂාවක් සදහා රු 6,500ක් සහ ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිමව ව රු 2,000ක මුදලක් අය කල හැකි බවත් ඊට අදාල ගැසට් නිවේදනය හෙට (12) දින නිකුත් කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
2020 වසරේ ලොව වැඩිම පිරිසක් භාගත කළ අන්තර්ජාල යෙදවුම බවට TikTok යෙදවුම පත්ව තිබෙනවා. ඇනී ඩිජිටල් විශ්ලේෂණ සමාගාම විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක් මගින් මේ බව අනාවරණය වී තිබෙනවා. එම සමීක්ෂණ වාර්තාවේ දෙවන තැන ෆේස්බුක් මැසෙන්ජර් යෙදවුම බවට පත් වී තිබෙනවා.
පොදු ප්‍රවාහන සේවා නිරෝධායන රීතින් ගැන පොලිසිය විමසිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ සදහා සොයා බැලීමට රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම රඳවා තබා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයිනේ සෙසු පළාත් වලටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍යඅංශ සදහන් කරනවා. 1390 මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරුන් දින 14 දක්වා ආසාදිතයින් නිරීක්ෂණය ට ලක් කරනු ලබයි.
ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට තීරණය කර තිබෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සදහන් කරනවා. ඒ පවතින කොවිඩ් අවදානම හේතුවෙන්. ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 වන දින දක්වාත් අගෝස්තු 18 වන දින පළමු […]
බස්නාහිර වයස අවුරුදු 60ට වැඩි ජනතාව එන්නත්කරණය අද සිට යළි ආරම්භ කෙරෙනවා. මේ අනුව අද සිට දින තුනක් එම පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. එන්නත ලබාදෙන ස්ථාන හා දිනයන් පහතින්,
සෞඛ්‍ය අංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ දායකත්වයෙන් අද එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථාන පහත පරිදි වේ.
අඛණ්ඩව දෙවන දිනටත් මෙරට කොවිඩ් මරණ ගණන 100 ඉක්මවා ගොස් තිබෙනවා. පෙරේදා දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළගොස්තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඒ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. […]
පවතින කොරෝනා අවදානම හේතුවෙන් විවාහ මංගල උත්සව සඳහා සහභාගී වීය හැකි උපරිම අමුත්තන් ගණන 50කට සිමා කර තිබෙනවා. මේ අතරඅත්‍යාවශ්‍ය සේවා වලට සම්බන්ධ නොවන කිසිදු පුද්ගලයෙකුට පළාත් අතර සංචරණය කිරිමට අවසර හිමි නොවේ. අද සවස් කාලයේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ ඔහුව අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි