News Line| Off Air
Generic placeholder image

Aug
10

ආසාදිතයින් 2,644ක් සුවය ලබයි

Generic placeholder image

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,644ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරන අතර ඒ අනුව සුවය ලැබු සමස්තය 298,162ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Aug
10

ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශයට

Generic placeholder image

ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශය හිමි කරගෙන තිබෙනවා. ඒ 4ට 1ක් ලෙසයි. ඊයේ පැවැති අවසන් තරගය ලකුණු 60 කින් ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශය සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 122ක් රැස් කල අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 62 ක් […]


Aug
10

එබෝලා වෛරසයට සමාන තවත් මාරාන්තික වෛරසයක් අප්‍රිකාවෙන්

Generic placeholder image

එබෝලා වෛරසයට සමාන තවත් මාරාන්තික වෛරසයක් අප්‍රිකාවෙන් හමුව තිබෙනවා. මාර්බර්ග් නමින් හදුන්වන මෙම වෛරසය ආසාදිත වුවහොත් මරණයට පත්වීමේ ප්‍රතිශතය සියයට 80 ක් බවයි සැලකෙන්නේ. මෙම වෛරසයේ ආසාදිතයින් අප්‍රිකානු ගිනීයා රාජ්‍යයෙන් වාර්තා වී ඇති අතර මෙම මාරාන්තික වෛරසය සත්වයන්ගෙන් මිනිසාට බෝ වන බවයි පැවසෙන්නේ.


Aug
10

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට තීරණයක්

Generic placeholder image

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.


Aug
10

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Aug
10

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ මෙන්න

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහතින් දැක්වේ.


Aug
10

යුද හමුදාවේ දායකත්වයෙන් අද ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථාන මෙන්න

Generic placeholder image

යුද හමුදාවේ දායකත්වයෙන් අද ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථාන පහත පරිදි වේ .


Aug
10

කැලණි ගඟට කුණු දමන්නන් සොයා CCTV කැමරා සවි කිරීමට සැලසුම්

Generic placeholder image

කැලණි ගඟට කුණු දමන්නන් සෙවීම සදහා CCTV කැමරා සවි කිරීමට පියවර ගන්නා බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා. ඒ පරිසර අමාත්‍යාංශයෙන් මෙහෙයවන ”සුරකිමු ගංගා වැඩසටහන” යටතේයි.


Aug
10

වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට පනවන දඩය මෙන්න

Generic placeholder image

වෙළෙදපොලේ පවතින නියම කර ඇති මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට පනවන දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මිට පෙර එම දඩ මුදල රුපියල් 2,500ක් ලෙස පැවතුණා. ඊට අදාල ගැසට් නිවේදනය අද දින නිකුත් කිරීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ.


Aug
10

මාතලේ ප්‍රදේශ කිහිපයක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

මාතලේ ප්‍රදේශ කිහිපයක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. අද (10) පෙරවරු 08.00 සිට හෙට (11) පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් උඩුගම, පළාපත්වෙල, දොස්තරවත්ත, දුංකොළවත්ත හා සමන්දව නිකවල බී කොටස යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ලැබේ.


Aug
10

මෙරට ක්‍රියත්මක වන කොවිඩ් – 19 එන්නත්කරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියත්මක වන කොවිඩ් – 19 එන්නත්කරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,


Aug
10

මෙරට දෛනික කොරෝනා මරණ ගණන පළමු වරට 100 පනියි

Generic placeholder image

මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන පළමු වරට 100 ඉක්මවා ඊයේ වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (8) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 111 ක් ඊයේ (09) වාර්තා කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post