News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

Generic placeholder image

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබී තිබෙනවා. ඒ අනුව මාත්‍ර මිලියන 1.86ක් මෙරටට ලැබී තිබු අතර මෙම එන්නත් මාත්‍ර තොගයක් සමගම මෙරටට හිමි වූ සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 14.7ක්.


Aug
8

වීසා වලංගු කාලය දින 30කින් දීර්ඝ කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා තුළ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය හෙට ‍(08) සිට‍ සැප්තැම්බර් 07 වනදා දක්වා දින 30කින් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Aug
8

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 100 ට වැඩි තද වැසි

Generic placeholder image

දිවයින හරහා නිරිත දිග මෝසම් තත්වය සක්‍රියව පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය […]


Aug
6

ආසාදිතයින් 1,910ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,910 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 323,339ක් දක්වා ඉහළගොස් ගොස් තිබෙනවා.


Aug
6

එන්නත් ලබාගෙන නොමැති අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට එන්නත්කරණය සිදුකරනු ලබන ඕනෑම ස්ථානයකින් එන්නත ලබාගැනීමට අවස්ථාව

Generic placeholder image

එන්නත් ලබාගෙන නොමැති අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට එන්නත්කරණය සිදුකරනු ලබන ඕනෑම ස්ථානයකින් එන්නත ලබාගැනීමට අවස්ථාව හිමිවන බව රජය පවසනවා. ඒ අනුව දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකින් මේ වන විට කිසිදු එන්නතක් ලබාගෙන නොමැති අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට එන්නත් ලබාගත හැකි බවයි පැවසෙන්නේ.


Aug
6

රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් කැදවීමට හා එමෙන්ම එකවර කැඳවන සේවකයින් ප්‍රමාණය තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරේ.


Aug
6

විවාහ උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනයට

Generic placeholder image

අද මැදියම් රැයේ සිට බලපැවැත්වෙන පරිදි විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකු වන අතර උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 […]


Aug
6

කොවිඩ් ආසාදිතව පාසල් ගුරුවරියක් මිය යයි

Generic placeholder image

බදුල්ල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව සිටි පාසල් ගුරුවරියක් මියගොස් තිබෙනවා. අදාල පාසල් ගුරුවරිය ඊයේ දිනයේ රෝහල් ගත කර තිබෙන අතර ඇය රෝහල්ගත කරන විටත් අසාද්‍ය තත්වයේ පසු වූ බවයි පැවසෙන්නේ. 49 හැවිරිදි එම ගුරුවරිය බදුල්ල යාම්පානම් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තිබෙනවා.


Aug
6

සංකූලතා නොමැති, අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින් ලබන සඳුදා සිට නිවෙස් තුළ නිරෝධායනයට

Generic placeholder image

සංකූලතා නොමැති, අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින් ලබන සඳුදා සිට නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Aug
6

ඊයේ මෙරටින් ආසාදිතයින් 2,674ක්

Generic placeholder image

ඊයේ මෙරටින් ආසාදිතයින් 2,674 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 446ක්. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 239 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 266 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 321,429 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර වාර්තා වන මරණ ගණන 4,821 ක්.


Aug
6

දිමුත්ට එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කිරීමට අවස්ථාව

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න එංගලන්තය බලා පිටත්වයෑමට නියමිතව තිබෙනවා. ඒ එංගලන්ත නොටිංහැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සදහායි.


Aug
6

ලිට්රෝ ගෑස් සමාගමෙන් නව ගෑස් සිලින්ඩර ලක්ෂ 10 ක් ගෙන්වීමට තීරණයක්

Generic placeholder image

ලිට්රෝ ගෑස් සමාගමෙන් නව ගෑස් සිලින්ඩර ලක්ෂ 10 ක් ගෙන්වීමට තීරණය කර තිබෙනවා. ඉකුත් මාස 07 තුල නව ගෑස් සිලින්ඩර ගෙන්වීමට කටයුතු නොකිරීම නිසා වෙළෙදපොලේ ගෑස් සිලින්ඩර හිගයකින් තොරව පවත්වා ගෙන යෑම සදහා මෙලෙස නව ගෑස් සිලින්ඩර ගෙන්වීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post