News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත විවෘත වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉකුත් මැයි මාසයේදී වසා දැමුණු දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Jul
22

ඊයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයින් ගණන 1,604 ක් – වැඩිම ආසාදිතයින් කොළඹින්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයින් ගණන 1,604ක්. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 486ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 279 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. දිස්ත්‍රික්ක මට්ටමින් නව ආසාදිතයින් වාර්තා වූ අයුරු පහතින්,


Jul
22

අද දිනයේ එන්නත්කරණය සිදු කෙරෙන මධ්‍යස්ථාන මෙන්න

Generic placeholder image

අද කොරෝනා මර්දන එන්නත්කරණය දිවයින පුරා මධ්‍යස්ථාන 151 කදී සිදු කෙරෙනවා. අදාල මධ්‍යස්ථාන පහතින්,


Jul
22

දේශීය කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට

Generic placeholder image

ඉහළ ප්‍රමිතියෙන් යුතු දේශීය කුළුබඩු වර්ග අඩංගු රු.1350 ක වෙළෙඳපොල වටිනාකමක් සහිත කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කරනවා. කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස්, තුනපහ, අබ, උළුහාල් යනාදී අත්‍යවශ්‍ය කුළුබඩු ඇතුළත් මෙම පිරිමැසුම්දායී කුළුබඩු ඇසුරුම, ඉදිරි සතිවල සතොස අලෙවි ජාලයෙන් ජනතාවට මිලදී ගැනීමට හැකි බවයි […]


Jul
22

මොඩර්නා එන්නත ගැන අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා විශේෂ විමර්ශනයක්

Generic placeholder image

මොඩර්නා එන්නත ගැන අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලක් අනුවයි.


Jul
22

ඉන්දියාවේ කළු දිලීර රෝගය ආසාදිතව මියගිය ගණන 4300ක් දක්වා ඉහලට

Generic placeholder image

ඉන්දියාවේ කළු දිලීර රෝගය ආසාදිතව මියගිය ගණන 4300ක් දක්වා ඉහල ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ වන විට එම රෝගය එරට වසංගත තත්වයට පත්වීමේ අවදානමක් ඇති බවද පැවසෙනවා. මේ වන විට මේ රෝගය ආසාදනය වූ රෝගීන් 45,374 දෙනෙකු වාර්තා වී ඇති අතර එම රෝගීන් අතරින් බහුතරයක් කොරෝනා අසාදනය වී සුවය ලැබූ රෝගීන් […]


Jul
22

ඔලිම්පික් සමාරම්භක උත්සවයට සහභාගී වීම සදහා නාමල් රාජපක්ෂ ජපානයට යයි

Generic placeholder image

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ පිලිබදව ට්විටර් සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සහ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් මෙන්ම ජපාන රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවයි.


Jul
22

සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් යානා දෙකක් අද අලුයම දිවයිනට පැමිණෙයි

Generic placeholder image

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් ගුවන් යානා දෙකක් අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා. අදාල එන්නත් තොගය දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක බෙදා හැරීමට නියමිතයි. තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 36ක් ඉදිරි සති දෙක තුල මෙරටට ලැබීමට නියමිතයි.


Jul
22

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද කොළඹට

Generic placeholder image

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව තිබෙනවා.. ඉකුත් දා ආරම්භ කල මෙම වැඩ වර්ජනය 11 වන දිනට අද දිනයේත් ක්‍රියාත්මක වන අතර සිය ගැටලු වලට විසඳුම් ලබාදීම සදහා රජය මේ දක්වා කටයුතු කර නොමැති බව එම වෘත්තීය සමිති සදහන් කරනවා.


Jul
22

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර […]


Jul
22

තවත් ප්‍රදේශයක් හුදකලා බවින් නිදහස්

Generic placeholder image

තවත් ප්‍රදේශයක් හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. අදාල ප්‍රදේශය පහතින්,


Jul
21

තවත් කොවිඩ් මරණ 47ක්

Generic placeholder image

අද (21) දිනය තුළ කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,917ක් ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post