News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

මිලියන 40ක් වටිනා මත්ද්‍රවය තොගයක් රේගු භාරයට

Generic placeholder image

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා සීදුව ප්‍රදේශය පිහිටි කුරියර් ආයතනයක දෛනික රාජකාරි කරන රේගු තක්සේරු නිලධාරීන් විසින් රේගු අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය යටතේ මත් ද්‍රව්‍ය අඩංගු යැයි සැකපිට පාර්සල් 5 නවතා පරික්ෂා කරන ලදී. නෙදර්ලන්තය හා ඇමරිකාව යන රටවලින් පාර්සල් ශ්‍රී ලංකාවේ පිලියන්දල , ඉංගිරිය ,මිනුවන්ගොඩ ,මාතර හා පොල්ගස්ඕවිට යන ප්‍රදේශවලට ව්‍යාජ ලිපින […]


Jul
16

මොඩාර්නා එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ එන්නත්කරණයට

Generic placeholder image

අද ලැබුණු මොඩාර්නා එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ එන්නත්කරණය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. මීට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගත් ස්පුට්නික් එන්නත අඛණ්ඩව ලබාගැනීමේ ගැටලුවක් මතුව ඇති හෙයින් ඒ අනුව මොඩාර්නා එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ එන්නත්කරණයට යොදා ගැනෙන බවයි […]


Jul
16

ගුරු වර්ජනය අඛණ්ඩව

Generic placeholder image

ඉකුත්දා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරම්භ කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ගැටලු විසදීමට අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍යතාවක් නොමැති බවත් ඒ සදහා ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වයක් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි.


Jul
16

ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

කොවිඩ් ආසාදිතයින් 1,484 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ආසාදිතයින් සංඛ්‍යාව 318ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 195ක්, ගාල්ල 114ක්, අම්පාර 111ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. තවත් කොවිඩ් මරණ 50ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,661 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jul
16

ඊයේ දිනයේත් රිය අනතුරුවලින් පුද්ගල මරණ 9ක්

Generic placeholder image

ඊයේ දිනයේත් රිය අනතුරුවලින් පුද්ගල මරණ 9ක් වාර්තා වී තිබෙනවා. ඉන් මරණ 8ක් යතුරුපැදි අනතුරු වනවා. වැඩි වන මාර්ග අනතුරු අවම කර ගැනීම සදහා වැඩ පිළිවෙලක් ඉදිරියේදී ක්‍රියත්මක කරන බව පොලීසිය සදහන් කරනවා.


Jul
16

ක්ෂේත්‍ර කිහිපයක සීමාවන් ලිහිල් කෙරේ

Generic placeholder image

දැනට පවතින සංචරණ සීමාවන් ලිහිල් කිරීම සදහා පහත ක්‍රියාකාරකම් ද 2021 ජූලි 16 වන අද සිට ක්‍රියාත්මක පරිදි ඇතුලත් කරනු ලැබේ.


Jul
16

මොඩර්නා එන්නත් තොගයක් අද මෙරටට

Generic placeholder image

කොවැක්ස් වැඩ සටහන යටතේ ඇමෙරිකාව විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් අද මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ තුලින් මෙරට එන්නත්කරන වැඩසටහන තව දුරටත් වේගවත් වනු ඇති.


Jul
16

මරදාන පොලිස් ස්ථානයේ ගින්නක්

Generic placeholder image

මරදාන පොලිස් ස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා. මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ඒ සදහා ගිනි නිවීමේ රථ 03 ක් යොදවා ඇති බව පැවසෙනවා.


Jul
16

ප්‍රදේශ 2ක හුදකලා බව ඉවත් කෙරේ

Generic placeholder image

අද උදෑසන 6 සිට තවත් ප්‍රදේශ 2ක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


Jul
16

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවූනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි […]


Jul
15

නාවලපිටිය නගර සභාවේ බල පෙරළියක්

Generic placeholder image

නාවලපිටිය නගර සභාවේ බල පෙරළියක් සිදුව තිබෙනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ බලය අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තමන් සතුකර ගැනීමට සමත්වී තිබෙනවා. සභාවට සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ නිලවරණය අද පැවැත්වුණු අතර එහිදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිලවරණයට නොපැමිණි අතර, මෙතෙක් පාලක පක්ෂයට සහයෝගය දැක්වු […]


Jul
15

ස්පාඤ්ඤය ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි කොරෝනා මර්දන ක්‍රියාමාර්ග ව්‍යවස්ථා ‍විරෝධී බවට එරට අධිකරණයෙන් තීන්දුවක්

Generic placeholder image

ස්පාඤ්ඤය ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි කොරෝනා මර්දන ක්‍රියාමාර්ග ව්‍යවස්ථා ‍විරෝධී බවට එරට අධිකරණයෙන් තින්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ තුලින් එරට ජනතාවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට අවස්ථාව සැළසෙන බව පැවසෙන අතර නිරෝධායන නීති කඩ කිරීම වෙනුවෙන් මෙතෙක් ගෙවූ දඩ මුදල් නැවත ඉල්ලා සිටීමට ද ඔවුන්ට හැකියාව ලැබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post