News Line| Off Air
Generic placeholder image

Jul
16

ඊයේ දිනයේත් රිය අනතුරුවලින් පුද්ගල මරණ 9ක්

Generic placeholder image

ඊයේ දිනයේත් රිය අනතුරුවලින් පුද්ගල මරණ 9ක් වාර්තා වී තිබෙනවා. ඉන් මරණ 8ක් යතුරුපැදි අනතුරු වනවා. වැඩි වන මාර්ග අනතුරු අවම කර ගැනීම සදහා වැඩ පිළිවෙලක් ඉදිරියේදී ක්‍රියත්මක කරන බව පොලීසිය සදහන් කරනවා.


Jul
16

ක්ෂේත්‍ර කිහිපයක සීමාවන් ලිහිල් කෙරේ

Generic placeholder image

දැනට පවතින සංචරණ සීමාවන් ලිහිල් කිරීම සදහා පහත ක්‍රියාකාරකම් ද 2021 ජූලි 16 වන අද සිට ක්‍රියාත්මක පරිදි ඇතුලත් කරනු ලැබේ.


Jul
16

මොඩර්නා එන්නත් තොගයක් අද මෙරටට

Generic placeholder image

කොවැක්ස් වැඩ සටහන යටතේ ඇමෙරිකාව විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් අද මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ තුලින් මෙරට එන්නත්කරන වැඩසටහන තව දුරටත් වේගවත් වනු ඇති.


Jul
16

මරදාන පොලිස් ස්ථානයේ ගින්නක්

Generic placeholder image

මරදාන පොලිස් ස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා. මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ඒ සදහා ගිනි නිවීමේ රථ 03 ක් යොදවා ඇති බව පැවසෙනවා.


Jul
16

ප්‍රදේශ 2ක හුදකලා බව ඉවත් කෙරේ

Generic placeholder image

අද උදෑසන 6 සිට තවත් ප්‍රදේශ 2ක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


Jul
16

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවූනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි […]


Jul
15

නාවලපිටිය නගර සභාවේ බල පෙරළියක්

Generic placeholder image

නාවලපිටිය නගර සභාවේ බල පෙරළියක් සිදුව තිබෙනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ බලය අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තමන් සතුකර ගැනීමට සමත්වී තිබෙනවා. සභාවට සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ නිලවරණය අද පැවැත්වුණු අතර එහිදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිලවරණයට නොපැමිණි අතර, මෙතෙක් පාලක පක්ෂයට සහයෝගය දැක්වු […]


Jul
15

ස්පාඤ්ඤය ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි කොරෝනා මර්දන ක්‍රියාමාර්ග ව්‍යවස්ථා ‍විරෝධී බවට එරට අධිකරණයෙන් තීන්දුවක්

Generic placeholder image

ස්පාඤ්ඤය ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි කොරෝනා මර්දන ක්‍රියාමාර්ග ව්‍යවස්ථා ‍විරෝධී බවට එරට අධිකරණයෙන් තින්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ තුලින් එරට ජනතාවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට අවස්ථාව සැළසෙන බව පැවසෙන අතර නිරෝධායන නීති කඩ කිරීම වෙනුවෙන් මෙතෙක් ගෙවූ දඩ මුදල් නැවත ඉල්ලා සිටීමට ද ඔවුන්ට හැකියාව ලැබෙන බවයි පැවසෙන්නේ.


Jul
15

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් අගමැති හමුවට

Generic placeholder image

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ මේජර් ‍ජෙනරල් නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා ඊයේ (13) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය සේවය සැල කර සිටියේය. 1986 ඔක්තෝම්බර් 27 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට එක්වුණු නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා අඛණ්ඩව 35 වසරක් යුද හමුදා සේවයේ නිරත විය. […]


Jul
15

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් විදෙස් සංචාරකයින්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව

Generic placeholder image

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් විදෙස් සංචාරකයින්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක අධිකාරිය සඳහන් කර සිටිනවා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ 7 වන දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකරගත යුතු අතර සියලු සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගත වීමට පැය 72 කට පෙර ලබා ගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බවට […]


Jul
15

වාහන දඩ මුදල් ගෙවීමට විද්‍යුත් ක්‍රමයක් හදුන්වා දීමට පියවර

Generic placeholder image

වාහන දඩ මුදල් ගෙවීමට විද්‍යුත් ක්‍රමයක් හදුන්වා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.


Jul
15

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් 19 වනදා වැඩ වර්ජනයක

Generic placeholder image

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් 19 වනදා වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සදහන් කරනවා. ඒ රජය සිය සේවකයින්ට එන්නත් ලබාදීමට පියවර නොගැනීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post