මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 35ක් වාර්තා වී තිබෙනවා. ඒ මරණ අතුරින් 17 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 18 දෙනා කාන්තාවන් වේ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබෙනවා. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරන ගුවන් යානයෙන්.
අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 986දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ලංකාවේ අපිට අභිමානවත් ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය ඉගෙනගැනීම අපිට තියෙන වගකීමක්.. අපේ කම, අපේ සංස්කෘතිය, අපේ ආගම, අපේ ජාතිය , අපේ උරුමය කියන කාරණා සියල්ල මේ තුල අන්තර්ගත වෙනවා. අද කතාවත් මේ අපේ ඉතිහාසයේ එක් තැනක් ගැනයි..
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 964ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,451ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 241,035ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනය තුළ තවත් කොවිඩ් මරණ 43ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ශූරතා තරඟාවලිය 2021 නොවැම්බර් දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව පැවසෙනවා. LPL තරඟාවලිය ජූලි – අගෝස්තු මාසවල පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සීකා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් පළමුවරට එම ප්‍රාන්තයෙන් හමුවීම හේතුවෙන්. මදුරු විශේෂයක් හරහා මෙම වෛරසය පැතිර යන බව පැවසෙන අතර “Guillain-Barre syndrome” නම් රෝගී තත්ත්වයක් මේ තුලින් ඇතිවන බවයි එරට වෛද්‍යවරු සදහන් කරන්නේ
ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට ෆයිසර් එන්නත් ලබාදීමට ඉකුත් දිනක කටයුතු කලද එය අත්හිටුවීමට තීරණය කර තිබුණා. ඒ මේ මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත වීම හේතු කොටගෙනයි. ඒ අනුව පළමු වරට ගෙන්වන ලද ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති ෆයිසර් එන්නත් ලබාදීමට කටයුතු කෙරෙන […]
ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන ආයතනික සහ නෛතික රාමු පිළිබඳ සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතේ පැවති බුද්ධශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල, ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.