News Line| Off Air
Generic placeholder image

Jul
12

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් Online ඉගැන්වීම් වලින් ඉවත් වෙයි

Generic placeholder image

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් Online ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ ගුරු වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හා ඉකුත්දා ගුරු සංගම් නායකයින් නිරෝධායන නීති උල්ලංඝණය කළ බව පවසමින් මර්දනය කිරීම ආදී හේතුකොටගෙනයි.


Jul
12

දුම්රිය ගමන් වාර 103ක් අද සිට ක්‍රියාත්මකයි

Generic placeholder image

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. ඒ අනුව දුම්රිය ගමන් වාර 103ක් අද සිට ක්‍රියාත්මක කිරීමට කෙරෙන බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කරනවා.


Jul
12

හලාවත නගර සභාවේ සභාපති අත්අඩංගුවට

Generic placeholder image

හලාවත නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහරදීමක් පිලිබදව සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.


Jul
12

ගුරුවරුන්ටත් අද සිට කොරෝනා මර්දන එන්නත්

Generic placeholder image

ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත අද සිට ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ අනුවකොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන්ට නාරාහෙන්පිට යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදීම සිදු කෙරෙන බව පැවසෙනවා. මේ අතර අනුරාධපුරය, බදුල්ල, රත්නපුර ඇතුළු එන්නත්කරණය සිදු කෙරෙන දිස්ත්‍රික්කවලදී ද ගුරුවරුන් සඳහා එන්නත […]


Jul
12

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

මධ්‍යමසහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිරසහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ […]


Jul
12

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මෙලෙස හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කය කල්මුණේ පොලිස් බලප්‍රදේශයේ,පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසමේ කොටස මහනුවර දිස්ත්‍රික්කය මහනුවර පොලිස් බලප්‍රදේශයේ,සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ,විහාර පටුමඟවිහාර මාවතකප්පර පල්ලිය පාර සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ,නිවාස […]


Jul
12

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට රැගෙන එයි

Generic placeholder image

ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා. මීට පෙරද ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් මෙරටට ලැබී තිබුණා.


Jul
11

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 35ක්

Generic placeholder image

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 35ක් වාර්තා වී තිබෙනවා. ඒ මරණ අතුරින් 17 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 18 දෙනා කාන්තාවන් වේ.


Jul
11

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මෙරටට රැගෙන එයි

Generic placeholder image

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබෙනවා. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරන ගුවන් යානයෙන්.


Jul
11

අලුතින් හුදකලා කෙරුණු සහ හුදකලා බව ඉවත් කල ප්‍රදේශ මෙන්න

Generic placeholder image

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


Jul
11

ආසාදිතයින් 986ක්

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 986දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Jul
9

ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ

Generic placeholder image

ලංකාවේ අපිට අභිමානවත් ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය ඉගෙනගැනීම අපිට තියෙන වගකීමක්.. අපේ කම, අපේ සංස්කෘතිය, අපේ ආගම, අපේ ජාතිය , අපේ උරුමය කියන කාරණා සියල්ල මේ තුල අන්තර්ගත වෙනවා. අද කතාවත් මේ අපේ ඉතිහාසයේ එක් තැනක් ගැනයි..


News Articles
Latest Videos
Most Popular Post