චීනයේ සිට ආනයනය කල අඩි 40 බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී එහි තුල තිබී නීති විරෝධි ව ආනයන කල චීනයේ නිෂ්පාදිත සිගරැට් තොගයක් සොයා ගන්නා ලදි. මෙම බහාලුම ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි ආයතනයක නමින් මෙරටට ආනයනය කර ඇති අතර එහි මළු 1,415 ක අඩංගු යන්ත්‍රෝපකරණ සහ අමතර කොටස් […]
අද දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,358ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
සීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ විශාලම නගරය වන සිඩ්නි නගරය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. අද දින ආසාදිතයින් 16 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙතෙක් හමුවී ඇති ආසාදිතයින් ගණන 37ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ හේතුවෙන් එම නගරයේ ජනතාවට ගෘහස්තව ද […]
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,890කට සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 211,186ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වී තිබෙන බව එතුමාගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී තිබෙනවා. මියයන විට එතුමා 71 වන වියේ පසුවුවා.
අද දිවයිනේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. සිදුවන අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ 97වන ජන්ම දිනය අදට යෙදී තිබූ අතර එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාව අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අසලදී සිදු විය. පූජ්‍යපාද මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කොට වදාළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණිය ප්රමුඛ මැති ඇමතිවරු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
සූක්ෂ්ම ලෙස සඟවා ඉන්දියාවට අපනයනය කිරීමට උත්සාහ කල නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම ප්‍රදේශයේ සැකකාර සමාගමක් විසින් මෙම නීති විරෝධී හක් බෙල්ලන් අඩංගු බහාලුම අපනයනය කිරීම සඳහා 2021 ජුනි මස 15 වන දින උත්සාහ කිරීමේ දී ලැබුණු බුද්ධි […]
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම් තිබෙනවා. ඒඑක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහායි.
“එක්ස්ප්‍රස් පර්ල්” නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීම සඳහා අනු කමිටු 05ක් පත්කර තිබෙනවා. පත් කර තිබෙන අනු කමිටු 05 පහතින්, *රක්ෂණ අනු කමිටුව*නෛතික අනු කමිටුව*ධීවර අනු කමිටුව*පාරිසරික අනු කමිටුව*ආර්ථික අනු කමිටුව
බස්නාහිර, මධ්‍යම, සබරගමුවසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද […]
සයිනොෆාම් එන්නත් මිලියන 2ක් ජූලි මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. අදාල මාත්‍ර තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිල දී ගෙන තිබෙනවා.