News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

අද දිනය තුල මේ දක්වා ආසාදිතයින් 1,320ක්

Generic placeholder image

අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Jun
22

ආසාදිතයින් 2,009ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,009ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබු සමස්තය 209,296ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
22

ජුනි 26 වනදා ජාතික බලශක්ති දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Generic placeholder image

ජාතික බලශක්ති දිනය ලෙස ජුනි මස 26 වනදා ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එස් එස් හෙලියොස් නැමති ජර්මානු නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේ විදුලි පහනින් නිකුත් වූ ආලෝකය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට හැකි වූ දිනය 1882 ජුනි මස 26 වනදා වන අතර එය සිහිපත් කරමින් ජුනි 26 වනදා ජාතික බලශක්ති දිනය […]


Jun
22

ගෑස් මිල වැඩි කරන්නේ නෑ – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

Generic placeholder image

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කලේ කුමන පාඩුවක් ලැබුවද ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.


Jun
22

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි එම තනතුරෙන් ඉවත් වෙයි

Generic placeholder image

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි එම තනතුරෙන් ඉවත් වී තිබෙනවා. ඒ මහතා පෞද්ගලික අවශ්‍යතාවයක් මත එම ධූරයෙන් ඉවත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.


Jun
22

ගෙවුණු පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය යයි

Generic placeholder image

ගෙවුණු පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කරනවා.


Jun
22

වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශවල නව භූ කම්පන මාන 10 ක් ස්ථාපිත කිරීමට පියවර

Generic placeholder image

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසනවා. ඒ තුලින් වික්ටෝරියා ජලාශය ආසන්නයේ සිදුවන භු කම්පනවල තත්ත්වය හොඳින් නිශ්චය කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.


Jun
22

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණ මෙන්න

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණ පහතින් දැක්වේ.


Jun
22

ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ මෙරටින් නව ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 271ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 229,ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් 208 දෙනෙකු, ද හදුනාගෙන තිබෙනවා. ආසාදිතයින් හමුවූ ප්‍රදේශ පහතින්,


Jun
22

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ දේශීය වෙළෙඳපොලේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සදහායි. අදාල යෝජනාව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.


Jun
22

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

Generic placeholder image

දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේ දී ( විශේෂයෙන්ම 23 වනදා සිට ) බලාපොරොත්තුවේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැක.


Jun
22

දිස්ත්‍රික්ක 02ක ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද (22) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02ක ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර හා රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post