News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට තවත් එකතු කිරීම් කිහිපයක්

Generic placeholder image

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර අද සෞඛ්‍ය අමාත්‍යංශය එකී මාර්ගෝපදේශ සඳහා තවත් එකතු කිරීම් කිහිපයක් සිදු කළා.


Jun
21

ආසාදිතයින් 1,731ක්

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 241,420ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
21

ඔන්න ඇරියා

Generic placeholder image

අද සිට සංචරණ සීමා ඉවත් කර තිබෙනවා. ඒ සීමාවන්ට ට යටත්වයි. අපි හැසිරෙන විදිය අනුව මේ කොරෝනා වෛරසය ව්‍යප්ත වෙයිද ? පාලනය වෙයිද ? කියන එක තීරණය වන්නේ. ඒ නිසා අපි දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීමට වගබලා ගමු. මේ ඒ ගැන කතාවක්..


Jun
21

අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

Generic placeholder image

අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට පත් කර තිබෙනවා. ඒ මහතා මිට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කල අතර අනූෂ පැල්පිට නිලයෙන් විශ්‍රාම ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා තිබූණා.


Jun
21

ප්‍රදේශ රැසකට හෙට සහ අනිද්දා ජල සැපයුම අත් හිටුවයි

Generic placeholder image

අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට සහ අනිද්දා දෙදින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ලබන ප්‍රදේශ පහතින්,


Jun
21

ගතවු දිනයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,028 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 307 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 302 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් 253 දෙනෙකු, වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් හමුවු ප්‍රදේශ පහතින්,


Jun
21

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කෙරේ

Generic placeholder image

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට පමණක් සීමා කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. ඒ අනුව 22 සහ 23 යන දින දෙක තුළ පමණක් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.


Jun
21

තලවාකැලේ – ලිඳුල නගරාධිපති අත්අඩංගුවට

Generic placeholder image

තලවාකැලේ – ලිඳුල නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තලවාකැලේ නගරයේ ශාලාවක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, තලවාකැලේ නගරයේ ශාලාවක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එලෙස ඔවුන් අත්අඩංගුවට ගත් බවය.


Jun
21

මත්පැන් සහ බියර් අලෙවියට සීමිත අවසරයක් හිමිවෙයි

Generic placeholder image

අද සිට සීමාවන්ට යටත්ව මත්පැන් විකිණීම සඳහා සූරාබදු බලපත්‍ර ඇති ස්ථාන, සූරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය පහතින්,


Jun
21

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද උදෑසන 4 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් මෙලෙස හුදකලා කර තිබෙන අතර කලුදමද, හපුගස්තලාව, වීරපුර,‍ බෙරමණ දකුණ සහ පහළගොරක ඔය යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා.


Jun
21

වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර, මධ්‍යමසහසබරගමුවපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.


Jun
20

සංචරණ සීමා ලිහිල් කිරීමට අදාල නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Generic placeholder image

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව හෙට සිට සංචරණ සිමාවන් ඉවත් කිරීමේදී සෑම පළාතකටම පොදුව ලිහිල් කරනු ලබන සිමාවන් සහ බස්නාහිර පළාතට පමණක් සිදු කරනු ලබන සමහර සිමාවන් පහත වගුවේ සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post