සති අන්තයේ රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැතැයි , යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා. ජනතාව වගකීමෙන් කටයුතු කල යුතු බව යුධ හමුදාපතිවරයා අවදාරණය කරන අතර ජනතාව රැස්වන ස්ථානයන්ට යෑමෙන් වළකින ලෙසත් අතවශ්‍ය කරුණක් නොමැති නම් පළාත් […]
ඉන්දියාවේ මුම්බායි නගරයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති අතර මේ වන විට ගින්න මැඩ පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
ගුරුවරු කියන්නේ ළමයින්ගේ නැණ පහන දල්වන පිරිසක්..පාසල් තුළ ළමයින් ඉගෙනුම ලබන අතර ඉගෙන්වීමේ සම්පුර්ණ වගකීම පැවරෙන්නේ ගුරුවරුන් හටයි.. සමාජය බොහෝ තරගකාරී..එවන් සමාජයකට නිසි ලෙස ගොඩ වන්නට මග කියාදෙන්නේ ගුරුවරුන්ය.. වත්මන් පාසල් පද්ධතිය තුල පන්තිකාමරයක් තුල ඉගෙන ගන්නා ළමුන් බොහොමයක් අලසව සිය ඉගෙනීමේ කටයුතු වල නිරත වෙනවා. ඒ ඉගෙන්වීමේ ඇති දුබලතා නිසාද නැතිනම් ළමයින්ට ඉගෙන ගැනීමට […]
පවතින කොරෝනා ව්‍යප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් අඩුම තරමේ දින 04ක් කාලයක් වත් රට සම්පුර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කල යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා. මීට අදාල යෝජනාව මේ වන විට ඉදිරිපත් කර ඇති බවත් ඒ පිලිබදව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනපතිවරයා සමග පැවැත්වීම ට නියමිත බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් […]
ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම නිසා එම පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 672 ක් වාර්තා වුූූ අතර ඉන් 192ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. දෙවෙනියට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වූ අතර එම ගණන 117ක්. මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 05ක් වුණා. ඒ අනුව සමස්ත මරණ ගණන 634 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
නීති විරෝධී ගොඩනැගිල්ලක් ලෙස සලකමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පසුගිය ජනවාරි මස නව වැනි දා ඉවත් කරන ලද යාපනය සරසවියේ මුල්ලිවයික්කාල් ස්මාරකය යළි ඉදිකිරීමෙන් පසු අද විවෘත කර තිබෙනවා. ඒ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන්.
හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතු කොටගෙනයි..
ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සිද්ධිය පිලිබදව සොයා බැලීම සදහා නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කර තිබෙනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පසුවන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ.
මේ වන විට අසල්වැසි ඉන්දියාව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දැඩි ලෙස අසරණ භාවයට පත්ව තිබෙනවා. ඊයේ දිනයේත් ඉන්දියාවෙන් ලක්ෂ 03කට අධික වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුව තිබෙන අතර එම ගණන සටහන් වුයේ ආසාදිතයින් 332,503 ක් ලෙසයි. මේ අතර එරට කොරෝනා ආසාදිත රෝගීන් බොහොමයක් ප්‍රතිකාර නොමැතිව මහ මග මිය යන බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ. […]
ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහායි. මේ අතර කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශයන් හුදකලා කිරීමට ද පියවර ගන්නා බවයි ඒ මහත්මිය වැඩි දුරටත් සදහන් කරන්නේ.