News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර

Generic placeholder image

ඉදිරි සති දෙක තුළ රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව තහනම් කිරීමට තීරණය කළද , කලින් සැලසුම් කළ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවස්ථාව ලබා දෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේයි. මේ පිලිබදව අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ මංගල උත්සව කලින් සූදානම් කර ඇති නිසා […]


Apr
25

ගිනිඅවි සමග පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

සිදුකරන ලද වැටලීම්වලින් ගිනිඅවි සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අවිස්සාවේල්ල සහ කුරුවිට යන ප්‍රදේශවල දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Apr
25

ඉරාකයේ රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් කොරෝනා රෝගීන් ඇතුළු පිරිසක් මිය යයි

Generic placeholder image

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි කොවිඩ් ප්‍රතිකාර රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 120 දෙනෙකුගෙන් 90 දෙනෙකු බේරාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.


Apr
25

ගත වූ පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙක් ජිවිතක්ෂයට

Generic placeholder image

ගත වූ පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එයින් 07 දෙනෙක්ම යතුරුපැදි කරුවන් බවයි පැවසෙන්නේ.


Apr
25

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Generic placeholder image

ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ දී අද අලුයම වන අලියෙකු පහර දීමෙන් 55 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇයගේ නිවසට වන අලියා පහර දෙන අවස්ථාවේ එම කාන්තාව නිවසින් බැහැරට දිව යාමේදී වන අලියා පසුපස හඹා ඇවිත් පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ.


Apr
25

නිරෝධායන නීති උල්ලංඝණය කරන බස් රථ සොයා වැටලීම්

Generic placeholder image

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මගීන් රැගෙන යන බස් රථ සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.


Apr
25

මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 642ක් දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 04ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 642ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
25

නිරෝධායන නීති කැඩූ 19ක් අල්ලයි

Generic placeholder image

මුහුණු ආවරණ නොපැලදීම ඇතුළු සෞඛ්‍ය නීති කඩ කල පුද්ගලයින් 19 දෙනෙක් ඊයේ දිනයේදී කිරිබත්ගොඩ හා පිළියන්දල ප්‍රදේශ වලින් අත් අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරනවා. ජනතාව සිය නිවසින් සේවා ස්ථානයෙන් බැහැරව යන විට සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව කටයුතු කිරීම වැදගත් බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Apr
25

පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ලබයි

Generic placeholder image

පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ මෙම පිපිරීම සිදුව තිබෙන අතර රතිඤ්ඥා තුළ තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර ඒවා යකඩ බටයකට දමා විදුලි ග්‍රයින්ඩරයකින් බටය කැපීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත්තේ. සිද්ධිය පිලිබදව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Apr
25

සවස් කාලයේදී තද වැසි

Generic placeholder image

බස්නාහිර,මධ්‍යම, සබරගමුව,දකුණු, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි […]


Apr
24

මෙරට කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුවේ ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා. ඒ අද තවත් කොරෝනා ආසාදිතයින් 826ක් හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,517 කි


Apr
24

කැස්බෑව ප්‍රදේශයෙන් ආසාදිතයින් 97ක් හමුවෙයි

Generic placeholder image

කැස්බෑව ප්‍රදේශයේ පුද්ගලයන් 112 දෙනෙකු සඳහා සිදුකළ PCR පරීක්ෂණවල වලදී 65 දෙනෙකු හඳුනාගෙන කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා. දින 05ක කාලයක් තුල එම ප්‍රදේශයේ සිදු කල PCR පරීක්ෂණ 164 කින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 97ක් ලෙස වාර්තා වී ඇති බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post