කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, එම දුම්රිය මාර්ග රක්ත, හරිත, නීල සහ දම් යනුවෙන් හඳුන්වා ඇති බවයි රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා දිවෙන අතර කිලෝමීටර් 42ක දුරක් ආවරණය කෙරෙනු […]
විස රසායනික අඩංගු පොල් තෙල් ලංකාවට ආනයනය කර තිබීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදී අමාත්‍යවරයා පැවසූවේ, ශ්‍රී ලංකාවට […]
මහ මඟදී රියදුරෙකුට පහර දුන් පොලිස් නිලධාරියා වහාම වැඩ තහනමකට ලක් කළ බවත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා ක්ෂණිකව ක්‍රියා කර ඇති බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කරයි. ඉකුත් 29 දා පොලිස් නිලධාරියෙකු විසින් රියදුරෙකුට මහමඟදී පහර දීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (30) පැවති කැබිනට් මණ්ඩල […]
අල්ලස් පනත යටතේ දූෂණ චෝදනාවක් එල්ල වී සිටි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකු නිදෙස් කොට නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එම නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂීණී සේනානායක මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට […]
කොරෝනා එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රේල් මස 19 වැනිදා සිට සිදු කරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
චීන රජය සතු සීනෝෆාර්ම් ආයතනය විසින් දියුණු කරන ලද කොරෝනා සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000 ක් හෙට (31) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මෙරටට ලැබීමට නියමිතව තිබේ මෙම එන්නත් තොගය පසුගිය 28 වනදා සවස බීජිං කැපිටල් ගුවන්තොටුපළ වෙත ලබා දී තිබු බව වාර්තා වෙයි. අදාල එන්නත පළමුවෙන්ම මෙරට සිටිනා චීන ජාතිකයන් වෙත ලබා දීමට නියම්ත බව […]
පසුගියදා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එම පැමිණිල්ල අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ […]
වරාය නගර සහ හම්බන්තොට වරාය ව්‍යාපෘති කඩිනම් කෙරේ / අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවට දිගටම සහය /චීනයේ චාරිකාවක් සඳහා ජනපතිට යළි ඇරයුම් … ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහතා ඊයේ (29) සවස දුරකථන සංවාදයක නිරත වෙමින් සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කළහ. ශ්‍රී […]
නව පළාත් සභා පනත සම්මත කිරීමේ පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ මාධ්‍ය වෙත දැනුම් දීමේ හමුවට සහභාගි වෙමින්ය. පළාත් සභා මැතිවරණය පවත්වන නීතිය වෙනස් විය යුතු බවටත් නව පළාත් සභා පනත සම්මත කිරීමේ පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු […]
ඊයේ(29) දිනයේ පැවති අමාථ්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පිළිබද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අදාල නිවේදනයන් පහතින්
පසුගිය සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකාවේ මියන්මාර සාම සංගමයේ සාමාජිකයන් විසින් මෙරට පූජනීය බෞද්ධ ස්ථානයක් වන රුවන්වැලි මහා සෑය වෙත පුජෝපාහාර දක්වමින් පිරිත් සඡ්ඡායනා කරම්න් ආශිර්වාද පූජාවක නිරත වි තිබේ. එහිදි එක්රැස් වූ භික්ෂූන් වහන්සේලා විසින් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් ජීවිත අහිමිවූ ජනතාවට පින් අනුමෝදන් කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන් වෙනුවෙන් එරට සෙත් පතා කරණීය මෙත්ත සූත්‍රය සහ […]
ඊයේ (29) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 215කි. ඉන් පුද්ගලයින් 49ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පූද්ගලයින්ය. ඉතිරි පුද්ගලයින් 166 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. ඒ අතරින් යාපනය සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 17 දෙනා බැගින් වාර්තා වී ඇත. ගෙවුණු දිනයේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී තිබේ. මේ අතර ඊයේ දිනයේ […]