ගල්කිස්ස පොලීසිය විසින් කළ පහරදීමක් හේතුවෙන් මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියගොස් ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කර තිබෙනවා. කළුබෝවිල පාසල් මාවතේ පදිංචි පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය විසින් පසුගිය මාර්තු 18 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන තිබු අතර ඉකුත් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැර තිබෙනවා. කෙසේවෙතත් තමන්ට පොලීසිය පහරදුන් […]
කතෝලික දේවස්ථාන ඇතුළු දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදාව පවසයි. ඒ පාස්කු සතියට සමගාමීවයි. එම ආරක්ෂක වැඩපිළිවෙල පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ක්‍රියාත්මක කර ඇති බවත් දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු හඳුනාගත් ස්ථානවල ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් යොදවා තිබෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේය. එම ආරක්ෂක […]
පාස්කු බෝමබ ප්‍රහාරක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීම හා අන්තවාදී දේශන සඳහා සහයවීමේ චෝදනා මත සැකකරුවන් 04ක් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණ කොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින්විට පැ.කි.මි. 40 පමණ දක්වාවන තරමක් තදසුළං ඇතිවිය හැක.
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් විඳින රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සමේ තීන්දුව අද (31) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි. රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශකිරීම ලබන මස 05 වනදා දක්වා කල්තබන […]
බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ විසින් සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙක් ඉවත්කර ඇති බව CNN වෙබ් අඩවිය වාර්තා කළේය. එය මීට වසර දෙකකට පෙර බලයට පැමිණි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන් අනතුරුව සිදුකළ විශාලතම කැබිනට් මණ්ඩල “වෙනස් කිරීම” මෙය ලෙස වාර්තා වෙයි.
පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ජනාධිපතිවරයාට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් පසුව එලෙස වෛරසය ආසාදනය වී තිබේ. පළමු මාත්‍රාව ලබා ගත්ත ද දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු කොරෝනා වෛරසයට එරෙහිව තම දේහය තුළ ප්‍රතිදේහ වර්ධනය නොවීම අපේක්ෂා කළ හැකි කරුණක් බව පාකිස්තාන ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් […]
ජනමාධ්‍යවේදීන් සඳහා වටිටම් සහිත කාඩ්පතක් ප්‍රදානය කිරිමේ උත්සවය ඊයේ (29) දිනයේ දි ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දි පැවැත්විය මේ සඳහා කොළඹ ව්‍යාපාරික සංගමය විසින් මේ සඳහා අනුග්‍රහය දක්වනු ලබයි.දේශිය ව්‍යාවසායකත්වය ශක්තිමති කිරිමේ අරමුණින් මේම වැඩසටහන ආරම්භ කළ අතර මේ අවස්ථාවට එක් වෙමින් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ,සෞභාග්‍ය දැක්ම […]
අද සිට දින 4 ක යතුරුපැදි පරීක්ෂා කිරිමේ දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීම සදහා මෙම පියවර ගෙන තිබේ
තැපැල් සේවකයින් බඳවා ගැනීමේ නව ක්‍රමවේදය ඇතුළු දෙපාර්තමේන්තු තීරණය කිහිපයකට විරෝධය පල කරමින් තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිපව්‍යාප්තව ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.
ඊයේ දිනයේ මෙරටින් කොවිඩි රෝගීන් 139ක් වාර්තා විය. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතරින් ආසාදිතයින් 14 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති බවත් ඉතිරි 125 දෙනා දේශීයව හඳුනා ගෙන ඇති බවත් ය. දේශීයව හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 39කි. ඊට […]
පිළියන්දල, ගල්කිස්ස, අඟුලාන යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් 4දී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් සොයාගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර කාන්තාවක්ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය. එමෙන්ම කතරගම ප්‍රදේශයේදී ගංජා කිලෝ ග්‍රෑම් 6ක් සන්තකයේ තබා ගත් 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.