News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
1

විදෙස් උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසම්න් මුදල් වංචා කළ එකම පවුලේ 5කට වැඩ වරදී

Generic placeholder image

විදෙස් උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් කළ පියා සහ දියණියන් දෙදෙනා ඇතුළු එකම පවුලේ පස් දෙනකු කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා. සැකකාරියන් දෙදෙනා […]


Apr
1

සිය දියණියන් දෙදෙනා දුෂණය කළ පියාට ලැබුණු දඬුවම

Generic placeholder image

වසර අටකට ඉහතදී අධික ලෙස බීමත්ව නිවසට පැමිණි පියකු විසින් තම දියණියන් දෙදෙනා දූෂණය කිරීම පිළිබඳව චෝදනා 3ක් මත පැවරූ නඩු හතරකට මාතර මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසු වරදකරු වූ 47 හැවිරිදි පියකුට එක් නඩුවකට වසර 15 බැගින් නඩු 4ට වසර 60ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා විසින් නියම කරනු […]


Apr
1

රවි කරුණානායකට ඇප

Generic placeholder image

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය. අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය. ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ […]


Apr
1

රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ත වෙයි

Generic placeholder image

මන්නාරමේ හිටපු රදගුරුතුමන් රායප්පු ජෝශප් හිමිපාණන් යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (01) උදෑසන ස්වර්ගස්ථ වී තිබෙනවා. මියයන විට රායප්පු ජෝශප් හිමිපාණන් 80 හැවිරිදි වියේ පසුවූවා.


Apr
1

මෙරට කොවිඩ් මරණ ගණන 568ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වි තිබෙනවා. ඒ සමගම මෙරටින් වාර්තා වි තිබෙන කොරෝනා මරණ ගණන 568ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.


Apr
1

ගල්කිස්ස පොලීසිය විසින් කළ පහරදීමකින් පුද්ගලයෙකු මියගිය බවට පැමිණිල්ලක්

Generic placeholder image

ගල්කිස්ස පොලීසිය විසින් කළ පහරදීමක් හේතුවෙන් මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියගොස් ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කර තිබෙනවා. කළුබෝවිල පාසල් මාවතේ පදිංචි පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය විසින් පසුගිය මාර්තු 18 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන තිබු අතර ඉකුත් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැර තිබෙනවා. කෙසේවෙතත් තමන්ට පොලීසිය පහරදුන් […]


Apr
1

පාස්කු සතියේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Generic placeholder image

කතෝලික දේවස්ථාන ඇතුළු දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදාව පවසයි. ඒ පාස්කු සතියට සමගාමීවයි. එම ආරක්ෂක වැඩපිළිවෙල පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ක්‍රියාත්මක කර ඇති බවත් දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු හඳුනාගත් ස්ථානවල ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් යොදවා තිබෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේය. එම ආරක්ෂක […]


Apr
1

සහරාන්ගේ අන්තවාදී මත ප්‍රචාරය කළ 4ක් අත්අඩංගුවට

Generic placeholder image

පාස්කු බෝමබ ප්‍රහාරක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීම හා අන්තවාදී දේශන සඳහා සහයවීමේ චෝදනා මත සැකකරුවන් 04ක් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.


Apr
1

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි ස්වල්පයක්

Generic placeholder image

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක්  හැරුණ කොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින්විට පැ.කි.මි. 40 පමණ දක්වාවන තරමක් තදසුළං ඇතිවිය හැක.


Mar
31

රන්ජන්ගේ පෙත්සමේ නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් තැබේ

Generic placeholder image

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් විඳින රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සමේ තීන්දුව අද (31) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි. රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශකිරීම ලබන මස 05 වනදා දක්වා කල්තබන […]


Mar
31

බ්‍රසීල ජනපති කැබිනට් මණ්ඩලයේ 6ක් ඉවත් කරයි

Generic placeholder image

බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ විසින් සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙක් ඉවත්කර ඇති බව CNN වෙබ් අඩවිය වාර්තා කළේය. එය මීට වසර දෙකකට පෙර බලයට පැමිණි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන් අනතුරුව සිදුකළ විශාලතම කැබිනට් මණ්ඩල “වෙනස් කිරීම” මෙය ලෙස වාර්තා වෙයි.


Mar
31

පාකිස්තාන ජනාධිපතිට කොරෝනා වැළදෙයි

Generic placeholder image

පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ජනාධිපතිවරයාට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් පසුව එලෙස වෛරසය ආසාදනය වී තිබේ. පළමු මාත්‍රාව ලබා ගත්ත ද දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු කොරෝනා වෛරසයට එරෙහිව තම දේහය තුළ ප්‍රතිදේහ වර්ධනය නොවීම අපේක්ෂා කළ හැකි කරුණක් බව පාකිස්තාන ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් […]


News Articles
Latest Videos
Most Popular Post