News Line| Off Air
Generic placeholder image

Mar
31

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

Generic placeholder image

පිළියන්දල, ගල්කිස්ස, අඟුලාන යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් 4දී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් සොයාගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර කාන්තාවක්ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය. එමෙන්ම කතරගම ප්‍රදේශයේදී ගංජා කිලෝ ග්‍රෑම් 6ක් සන්තකයේ තබා ගත් 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


Mar
31

චීන එන්නත් තොගය අද දිවයිනට

Generic placeholder image

චීන රජය සතු සීනෝෆාර්ම් ආයතනය විසින් දියුණු කරන ලද ‍කොරෝනා සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000 ක් අද (31) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මෙරටට ලැබීමට නියමිතව තිබේ මෙම එන්නත් තොගය පසුගිය 28 වනදා සවස බීජිං කැපිටල් ගුවන්තොටුපළ වෙත ලබා දී තිබු බව වාර්තා වෙයි. අදාල එන්නත පළමුවෙන්ම මෙරට සිටිනා චීන ජාතිකයන් වෙත ලබා දීමට නියම්ත බව […]


Mar
31

දිවයිනේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසුප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු සහ උතුරුමැද පළාත්වල විටින් විට පැ.කි.මි. 40 පමණ දක්වා වන තරමක් තදසුළං ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක


Mar
30

කොළඹ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතියට කැබිනට් අනුමැතිය

Generic placeholder image

කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, එම දුම්රිය මාර්ග රක්ත, හරිත, නීල සහ දම් යනුවෙන් හඳුන්වා ඇති බවයි රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා දිවෙන අතර කිලෝමීටර් 42ක දුරක් ආවරණය කෙරෙනු […]


Mar
30

පොල්තෙල් සම්බන්ධව අනවශ්‍ය භීතිකාවක් ඇති කර නොගන්න : අමාත්‍ය රමේෂ් පතිරණ

Generic placeholder image

විස රසායනික අඩංගු පොල් තෙල් ලංකාවට ආනයනය කර තිබීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදී අමාත්‍යවරයා පැවසූවේ, ශ්‍රී ලංකාවට […]


Mar
30

මහමඟදී රියදුරෙකුට පහර දීමේ සිද්ධිය රජය හෙළාදකින බව ඇමති ගම්මන්පිල කියයි

Generic placeholder image

මහ මඟදී රියදුරෙකුට පහර දුන් පොලිස් නිලධාරියා වහාම වැඩ තහනමකට ලක් කළ බවත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා ක්ෂණිකව ක්‍රියා කර ඇති බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කරයි. ඉකුත් 29 දා පොලිස් නිලධාරියෙකු විසින් රියදුරෙකුට මහමඟදී පහර දීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (30) පැවති කැබිනට් මණ්ඩල […]


Mar
30

අල්ලස් චෝදනා එල්ල වී සිටි අගවිනිසුරු මොහාන් පීරිස් නිදොස් කොට නිදහස් කෙරේ

Generic placeholder image

අල්ලස් පනත යටතේ දූෂණ චෝදනාවක් එල්ල වී සිටි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකු නිදෙස් කොට නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එම නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂීණී සේනානායක මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට […]


Mar
30

කොවිඩ් එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලබා දීම අරඹන දිනය

Generic placeholder image

කොරෝනා එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රේල් මස 19 වැනිදා සිට සිදු කරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.


Mar
30

චීන එන්නත් තොගය හෙට දිවයිනට

Generic placeholder image

චීන රජය සතු සීනෝෆාර්ම් ආයතනය විසින් දියුණු කරන ලද ‍කොරෝනා සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා 600,000 ක් හෙට (31) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මෙරටට ලැබීමට නියමිතව තිබේ මෙම එන්නත් තොගය පසුගිය 28 වනදා සවස බීජිං කැපිටල් ගුවන්තොටුපළ වෙත ලබා දී තිබු බව වාර්තා වෙයි. අදාල එන්නත පළමුවෙන්ම මෙරට සිටිනා චීන ජාතිකයන් වෙත ලබා දීමට නියම්ත බව […]


Mar
30

නාකොටික් නිලධාරින් ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

Generic placeholder image

පසුගියදා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එම පැමිණිල්ල අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ […]


Mar
30

ශ්‍රී ලංකා ජනපති සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

Generic placeholder image

වරාය නගර සහ හම්බන්තොට වරාය ව්‍යාපෘති කඩිනම් කෙරේ / අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවට දිගටම සහය /චීනයේ චාරිකාවක් සඳහා ජනපතිට යළි ඇරයුම් … ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහතා ඊයේ (29) සවස දුරකථන සංවාදයක නිරත වෙමින් සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කළහ. ශ්‍රී […]


Mar
30

නව පළාත් සභා පනත සම්මත කිරීමේ පසුව පළාත් සභා මැතිවරණය : ඇමති ගම්මන්පිල

Generic placeholder image

නව පළාත් සභා පනත සම්මත කිරීමේ පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ මාධ්‍ය වෙත දැනුම් දීමේ හමුවට සහභාගි වෙමින්ය. පළාත් සභා මැතිවරණය පවත්වන නීතිය වෙනස් විය යුතු බවටත් නව පළාත් සභා පනත සම්මත කිරීමේ පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු […]


News Articles
Latest Videos
Most Popular Post