ඊයේ(29) දිනයේ පැවති අමාථ්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පිළිබද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අදාල නිවේදනයන් පහතින්
පසුගිය සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකාවේ මියන්මාර සාම සංගමයේ සාමාජිකයන් විසින් මෙරට පූජනීය බෞද්ධ ස්ථානයක් වන රුවන්වැලි මහා සෑය වෙත පුජෝපාහාර දක්වමින් පිරිත් සඡ්ඡායනා කරම්න් ආශිර්වාද පූජාවක නිරත වි තිබේ. එහිදි එක්රැස් වූ භික්ෂූන් වහන්සේලා විසින් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් ජීවිත අහිමිවූ ජනතාවට පින් අනුමෝදන් කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන් වෙනුවෙන් එරට සෙත් පතා කරණීය මෙත්ත සූත්‍රය සහ […]
ඊයේ (29) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 215කි. ඉන් පුද්ගලයින් 49ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පූද්ගලයින්ය. ඉතිරි පුද්ගලයින් 166 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. ඒ අතරින් යාපනය සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 17 දෙනා බැගින් වාර්තා වී ඇත. ගෙවුණු දිනයේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී තිබේ. මේ අතර ඊයේ දිනයේ […]
හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (31) රාත්‍රී 10 සිට අප්‍රේල් 1 වන දා සවස 4 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් වනවාසල / ඔලියමුල්ල / වත්තල – මීගමු පාර / ඇවරියවත්ත පාර / තෙලඟපාත […]
පොලිස් නිලධාරියෙකු සිවිල් වැසියෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ රියැදුරා සිය ලොරිය පදවාගෙන යද්දී සේවයේ යෙදී සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇති අතර රථවාහන ස්ථානාධිපතිවරයා මේ වන විට කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ […]
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.
කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී ධම්මික චන්ද්‍රරත්නගේ මන්ත්‍රී ධුරය හා පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු 5 දෙනෙකුට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
රාත්‍රී සමාජ ශාලවක සේවය කල රූමත් තරුණියකට එහි බීමතින් පැමිණි තරුණයින් තිදෙනෙකු විසින් නොමන උසුලු විසුළු කිරීම නිසා අදාල තරුණිය විසින් එම තරුණයින් තිදෙනාගේ ඔළුවලට පහර දී බරපතල තුවාල සිදු කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම තරුණයින් තිදෙනා විසින් සමාජ ශාලාව තුල මත්පැන් පානය කරමින් සිට තිබෙන අතර අදාල තරුණියද එහි සේවය කරමින් සිටි තිබෙන […]
යාපනය කොරෝනා මර්දන කමිටුව විසින් ඊයේ (28) දිනයේ යාපනය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අප්‍රේල් මස 5 වැනිදා දක්වා වසා තැබීමටත් තිරුණවේලී ප්‍රදේශයේ පාල්පන්නයි ගම්මානය හුදකලා කිරීමට තීරණය කළ බවත් එහි සභාපති හා යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා සදහන් කළේය. යාපනයෙන් කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන යාපනයේ සෞඛ්‍ය බලධාරීන් හා යාපනය දිසාපතිවරයා විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන […]
එක්තරා ගමක ජේමිස් නමින් පුද්ගලයෙක් හිටියා. ඔහු ඉතාම ලෝභී පුද්ගලයෙක්.. කිසිම දෙයක් කිසි කෙනෙකුට දෙන්නේ නෑ….ඔහු ගැන කතාවක් මේ..
එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීම මුලික කරගනිමින් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා. මේ අතර ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වන බැවින් ව පිලිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.
ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රාන්තයේ පිහිටි එරට විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද අලුයම මෙම ගින්න හටගෙන් තිබෙන අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු කර තිබෙනවා. ගින්නයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.