ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 561ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වේවැල්දෙණිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. උතුරු ,උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් […]
ඊයේ රාත්‍රී 7.00 ට පමණ සිදුවූ අනතුරකින් අවිස්සාවේල්ල, වෙරලුපිටිය ප්‍රදේශයේදී මැණික් පතලක් තුළ සිර වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. පැවැති වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇති අතර ඒත් සමගම පතල තුළට ගොස් […]
ඊයේ ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගිය දරුවන් තිදෙනෙකු අතරින් එක් දරුවෙකු ව කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදහන් වී ඇති බවට වාර්තා වෙනවා.මේ වන විට අතුරුදහන් වූ දරුවා සොයා මෙහෙයුම් සිදුකරන බවයි දුරටත් වාර්තා වන්නේ.
මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී ඇත. මැදින් පුර පොහොය දිනය යෙදෙන අද දිනයේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ. බුද්ධත්වයෙන් පසු පළමු වරට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම අද වැනි පොහෝ දිනයකදී සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි. කිඹුල්වත්පුර ගමනේදී නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම ද […]
එළඹෙන 31 වැනිදා චීනයේ සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියම්තව බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.
මුතුපන්තිය දුපතේ ව්‍යාපාරිකයෙකුට අයත් මා දැලකට පාරා මාළු කිලෝ 5000 ක පමණ ප්‍රමාණයක් හසු වී තිබෙන බව වාර්තා වෙනවා.
ඉකුත් දා පස්සර ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගයට වැටී තිබූ කළු ගල ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ එම මාර්ගය ඉදිකළ කොන්ත්‍රාත් සමාගම විසින් එය ඉවත් කිරීම සිදුකර තිබුණි.
සුවස් ඇළේ එරී ඇති ” එම් වී එවර් ගිවන් ” නම් බහාලුම් නෞකාව නිසා නාවික යාත්‍රා තදබදයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ලෝක ආර්ථිකයට පවා බලපෑම් එල්ල වී ඇති අතර සුවස් ඇල හරහා දෛනිකව සිදුවන නෞකා ගමනාගමනයේ වටිනාකම ඩොලර් බිලියන 9.6ක් පමණ වන අදායම ද මේ වන විට අහිමි වී තිබෙනවා. නැගෙනහිර හා බටහිර අතර ඉතා […]
අවුන්සාන් සුකීගේ පක්ෂ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ යැන්ගොන් පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ පක්ෂ මුලස්ථානයටයි. එම ප්‍රහාරයෙන් පක්ෂ මුලස්ථානයට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මියන්මාර හමුදා පාලනයට එරෙහිව තව දුරටත් එරට ජනතාව විරෝධතාවයේ නිරත වන අතර මේ වන විට විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් වලින් පුද්ගලයින් 300 ඉක්මවා මිය ගොස් […]
අපිට දැනෙන දුක ,සතුට , කේන්තිය , ඊර්ෂියාව , ආදී හැගීම් මුලින්ම සංවේදී වන්නේ අපේ හදවතටයි.. එමෙන්ම ඔබ අසා ඇති සමාජයේ බොහෝ අය සාමාන්‍යයෙන් කතාවට කියනවා ” පපුව පැලිලා මැරෙයි…” ” පපුව පැලිලා මැරිලා ” ආදී කියමන්. වෛද්‍ය විද්‍යාත්මකව ඇත්තටම මේ කියමන සනාථ වෙනවද? ඒ ගැන කතාවක් මේ…