ඊයේ ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගිය දරුවන් තිදෙනෙකු අතරින් එක් දරුවෙකු ව කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදහන් වී ඇති බවට වාර්තා වෙනවා.මේ වන විට අතුරුදහන් වූ දරුවා සොයා මෙහෙයුම් සිදුකරන බවයි දුරටත් වාර්තා වන්නේ.
මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී ඇත. මැදින් පුර පොහොය දිනය යෙදෙන අද දිනයේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ. බුද්ධත්වයෙන් පසු පළමු වරට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම අද වැනි පොහෝ දිනයකදී සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි. කිඹුල්වත්පුර ගමනේදී නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම ද […]
එළඹෙන 31 වැනිදා චීනයේ සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියම්තව බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.
මුතුපන්තිය දුපතේ ව්‍යාපාරිකයෙකුට අයත් මා දැලකට පාරා මාළු කිලෝ 5000 ක පමණ ප්‍රමාණයක් හසු වී තිබෙන බව වාර්තා වෙනවා.
ඉකුත් දා පස්සර ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගයට වැටී තිබූ කළු ගල ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ එම මාර්ගය ඉදිකළ කොන්ත්‍රාත් සමාගම විසින් එය ඉවත් කිරීම සිදුකර තිබුණි.
සුවස් ඇළේ එරී ඇති ” එම් වී එවර් ගිවන් ” නම් බහාලුම් නෞකාව නිසා නාවික යාත්‍රා තදබදයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ලෝක ආර්ථිකයට පවා බලපෑම් එල්ල වී ඇති අතර සුවස් ඇල හරහා දෛනිකව සිදුවන නෞකා ගමනාගමනයේ වටිනාකම ඩොලර් බිලියන 9.6ක් පමණ වන අදායම ද මේ වන විට අහිමි වී තිබෙනවා. නැගෙනහිර හා බටහිර අතර ඉතා […]
අවුන්සාන් සුකීගේ පක්ෂ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ යැන්ගොන් පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ පක්ෂ මුලස්ථානයටයි. එම ප්‍රහාරයෙන් පක්ෂ මුලස්ථානයට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මියන්මාර හමුදා පාලනයට එරෙහිව තව දුරටත් එරට ජනතාව විරෝධතාවයේ නිරත වන අතර මේ වන විට විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් වලින් පුද්ගලයින් 300 ඉක්මවා මිය ගොස් […]
අපිට දැනෙන දුක ,සතුට , කේන්තිය , ඊර්ෂියාව , ආදී හැගීම් මුලින්ම සංවේදී වන්නේ අපේ හදවතටයි.. එමෙන්ම ඔබ අසා ඇති සමාජයේ බොහෝ අය සාමාන්‍යයෙන් කතාවට කියනවා ” පපුව පැලිලා මැරෙයි…” ” පපුව පැලිලා මැරිලා ” ආදී කියමන්. වෛද්‍ය විද්‍යාත්මකව ඇත්තටම මේ කියමන සනාථ වෙනවද? ඒ ගැන කතාවක් මේ…
සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා දූෂණය නම් වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ගොනුකර තිබූ නඩුවෙන් චූදිතයින් තිදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
ඉන්දියාවේ පැවැත්වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අදියර මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් මහතා සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සදහන් කර තිබෙනවා. ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයේදී එහි දෙවන අදියර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පස්සර මාරක බස් රථ අනතුරෙන් දෙමවුපියන් අහිමි වූ දරුවන් තිදෙනා භාරගෙන හදාවඩා ගැනීමට අම්පාර රෝහලේ වෛද්‍යවරයෙක් ඉදිරිපත්ව තිබෙනවා. ඔහු සදහන් කරන්නේ පස්සර සිදු වූ අනතුරෙන් මියගිය යුවලකගේ දරුවන් තිදෙනා හදා ගැනීමට කෙනෙක් අවශ්‍ය යැයි තමන් ප්‍රවෘත්ති තුලින් දැක ඒ දරුවන් හදාගැනීමට ඉන් පසු තම බිරිද හා කතිකා කොට තීරණයක් ගත් බවයි. එම වෛද්‍යවරයාට ද වයස […]
යාපනය නගරයේ තුළ කොරෝනා ආසාදිතයින් ඉහළ ගොස් තිබෙන බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන් මහතා සදහන් කරනවා. ඒ අනුව ඉකුත් දින කිහිපය තුල පමණක් යාපනය නගර සිමාවෙන් ආසාදිතයින් 77ක් පමණ හමුවූ බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.