News Line| Off Air
Generic placeholder image

Mar
26

මුදල් කොල්ලයක් සිදු වූ බවට පවසමින් තම සේවාස්ථානයේ මුදල් වංචාකළ පෞද්ගලික ආයතනයක නිලධාරියෙකුට වැඩ වරදී

Generic placeholder image

කොල්ලකරුවන් දෙදෙනෙක් මුදල් පැහැරගත් බව සදහන් කරමින් තම සේවාස්ථානයේ මුදල් වංචාකළ පෞද්ගලික සමාගමක නිලධාරියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එනම්,රුපියල් ලක්ෂ 23ක මුදලක් සහ රුපියල් 84,000ක චෙක් පතක් බැංකුවක තැන්පත් කිරීමට ඔහු රැගෙන යන අවස්ථාවක බැංකුව අසලදී පුද්ගලයින් දෙදෙනකු විසින් මුදල් කොල්ලකෑ බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය විසින් […]


Mar
26

ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ දොර විවෘත වීමෙන් එළියට විසි වී 05 හැවිරිදි පෙර පාසල් දරුවෙකු මරුදකී

Generic placeholder image

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ හුණුකැටිය හන්දිය ආසන්නයේ දී ඊයේ දිනයේ පාසල නිමවී නිවෙස බලා වෑන් රථයකින් ගමන්ගත් පෙර පාසල් දරුවකු වෑන් රථයෙන් එළියට විසිවී තුවාල ලබා ජිවිතක්ෂයට පත් වි තිබෙන බව වාර්තා වෙනවා. පරගහආරාව ඌවකරඳගොල්ල පදිංචි පස් හැවිරිදි දරුවකු මෙලෙස ජිවිතක්ෂයට පත් ව තිබෙන අතර ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ දොර විවෘත වීමෙන් දරුවා එළියට […]


Mar
26

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 169ක් ලබා ගත් අතර කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 271ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට ලකුණු 471ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 375ක පිළිතුරු දෙවෙනි ඉනිම ක්‍රීඩා කල […]


Mar
26

ඩුබායි සිට තැපෑලෙන් එවූ මත්පෙති තොගයක් අල්ලයි

Generic placeholder image

ඩුබායි සිට මෙරටට එවන ලද මත්පෙති 4962 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 02 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා.


Mar
26

තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේ දී මෙරටින් තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සදහන් කරනවා.ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Mar
26

අන්තවාදී මත පැතිරවීම සදහා කටයුතු කල පුද්ගලයින් දෙදෙනෙක් TID අත්අඩංගුවට

Generic placeholder image

අන්තවාදී මත පැතිරවීම සදහා කටයුතු කල පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවෙකු වන සහරාන්ගේ සමීපතමයෙකු බව මින් එක් පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙන අතර ඉකුත් දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙක් වන බව ද මේ වන විට කරුණු තහවුරු කරගෙන තිබෙනවා. […]


Mar
26

දිවයිනේ ඇතැම් ස්ථානවලට සවස් කාලයේ මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිර,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිරසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම,සබරගමුව,ඌව […]


Mar
25

විදේශ රටවල සිට පොල්තෙල් ගෙන්වා අලෙවි කරන දඹුල්ලේ ස්ථාන දෙකකට සීල් තබයි

Generic placeholder image

විදේශයන්ගෙන් ගෙන්වා පොල් තෙල් සහ පාම් තෙල් තොග අලෙවි කරන දඹුල්ලේ ස්ථාන දෙකක් සීල් තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම පොල්තෙල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60ක් බව පැවසෙන අතර ඒ ස්ථානයේ තිබී පොල්තෙල් හා ෆාම් තෙල් ගබඩා ටැංකි පරීක්ෂා කොට බැලීමේදී ඒවායේ විවිධ මියගිය කෘමීන් ගේ කොටස් තිබී හමුව තිබෙනවා.


Mar
25

වසර 5කට වැඩි සේවා කාලයක් ඇති ලංගම කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමේ තීරණයක්

Generic placeholder image

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සිටින වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියලුම සේවකයන් ස්ථිර කිරීමට තීරණයකර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළා. මේ අතර, පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරිම සඳහා එළඹෙන මැයි මාසයේදී අදාල විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් […]


Mar
25

සුවස් ඇල හරහා බහාලුම් නෞකාවක් සිරවෙයි – පසු පසින් ආ තවත් නෞකා 100ක් ඊට මැදි වෙයි (photo )

Generic placeholder image

සුවස් ඇල හරහා ගමන් කරමින් තිබු “MV Ever Given” නම් නෞකාවක් සිරවීම නිසා එම ඇල හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන බහාලුම් නෞකා ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වෙනවා. MV Ever Given” නම් මෙම නෞකාවේ ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ ප්‍රමාණයක් තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.. මේ අතර එම නෞකාවට පිටුපසින් ආ […]


Mar
25

කොළඹ වායු දුෂණය තව දුරටත් ඉහළ යයි

Generic placeholder image

කොළඹ නගරයේ වායු දුෂණය තව දුරටත් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනවා.


Mar
25

ජපාන මුහුදට උතුරු කොරියාවෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

Generic placeholder image

ජපාන මුහුද ට උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව වාර්තා වෙනවා. උතුරු කොරියාවේ මෙම ක්‍රියා කලාපය ජපානය සහ ඇමෙරිකාව දැඩිව විවේචනය කරන අතර උතුරු කොරියාවට බැලස්ටික් මිසයිල අත්හදාබැලීම තහනම් කර ඇති පසුබිමකයි මෙලෙස ක්‍රියා කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post