එළඹෙන උත්සව සමයේ පරිභෝජනයට නුසුදුසු සහල් සොයා විශේෂ වැටලීම් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරනවා. ඒ අනුව ලබන 28 වෙනිදා සිට මෙම වැටලීම් සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. මේ අතර අහිතකර වර්ණක අඩංගු සහල් ඇතුළු ධාන්‍ය වර්ග අලෙවි කිරීමේ ජාවාරමක් ලද තොරතුර මත සිදු කරනු ලැබූ වැටලීමකදී සොයාගෙන තිබෙනවා.
මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72ක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. ඒ වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ අප්‍රේල් මස 05 වන දින සිට ක්‍රියාත්මකවන පරිදියි. මෙම වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අද දිනය දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරනවා.
ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත ගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් පිළිබඳ ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද ( මාර්තු 25) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ වසරේ මේ දක්වා වන කාලය තුල වන අලි 83 ක් මිය ගොස් ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය සදහන් කරනවා.
යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා. නගරාධිපතිවරයා මීට පෙර විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති අතර එම උත්සවයට සහභාගී වූ පිරිසකට ද මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.
බස්නාහිර පළාතේ පිහිටි අගරදගුරු පදවියේ සියලුම කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මස 5වන දා ආරම්භ කිරීමට තීරණයකර තිබෙනවා.
ගම්පොල අගුරුමුල්ල ප්‍රදේශයේ දී සැමියෙක් විසින් සිය බිරිදගේ ගෙල කපා ඝාතනය කර පසුව සැමියාද පෙට්‍රල් වලින් ගිනි තබා ගෙන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.. කලක පටන් තිබු පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනයන් සිදුව ඇති බවයි පැවසෙන්නේ. එකම ඉඩමේ නිවාස දෙකක මෙම අඹු සැමි යුවල වාසය කර ඇති අතර අධිකරණය විසින් බිරිදට නඩත්තු මුදලක් ලබා දෙන ලෙස ද […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද වන අතර ඊයේ දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා ගෙන සිටියා. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 169කට සිමා වුණ අතර […]
ඉන්දියාව ඇස්ට්‍රා සෙනෙකා එන්නත් අපනයනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එම එන්නත එරට තුල ඉල්ලුම ඉහළ යාමත් සමග අදාළ එන්නත ඉන්දිය ජාතිකයින්ට ලබාදීමට සිදුවන හෙයින්. ඒ අනුව අප්‍රේල් මාසය අවසානය දක්වා ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාව එලෙස තීරණය කර තිබුණත් ශ්‍රී ලංකාවට එන්නත් ලබාදෙන බව […]
අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ රිය පෙරහර හේතුවෙන් අද පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව, රිය පෙරහර ගමන් කරන ගල්කිස්ස, ගාලුපාර, බම්බලපිටිය, තුම්මුල්ල හන්දිය හරහා නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් අද පස්වරු 1 සිට විකල්ප […]
ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 554 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එම නිවේදනය පහතින්,
දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතී. සබරගමුව, බස්නාහිර,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවේ. ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල […]