මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක් දින සේවාව සීමාකර තිබීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. ඒ අනුව මෙම දුරකථන අංක අමතා 0115 – 226126, 0115 – 226100 , දිනයක් සහ වේලාවක් වෙන්කරවා […]
මියන්මාර් හමුදා පාලනයට එරෙහිව එරට පවතින විරෝධතා අතරතුර මියන්මාර් පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් 7 හැවිරිදි දැරියක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම දැරිය විරෝධතා අතරතුර සිය පියා වෙත දිව යමින් සිටියදී එරට පොලිසිය විසින් මෙලෙස වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. මේ අනුව මේ දක්වා සිදු කල වෙඩි තැබීම වලින් මිය ගිය ළාබාලතම දැරිය මැයයි.
සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.ඒ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය වරයා ගේ යෝජනාවක් අනුවයි.
නෙළුව පොලිස් වසමේ, කොලොන්තුඩුව ප්‍රදේශයේ දී ජනෙල් කූරකින් පහර දී පියාව ඝාතනය කළ නරුම පුතෙක් පිලිබදව වාර්තා වෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 74 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයාගේ 31 හැවිරිදි පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි…
ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මේ වන විට මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ඉකුත් දා පස්සර ප්‍රදේශයේ සිදු වූ මාරක බස් රථ අනතුර සිදුවන අවස්ථාවේ දී එම බසයේ රියදුරා බස් රථය ධාවනය කරන අවස්ථවේ දුරකතනය භාවිතා කරමින් සිට ඇති බවට මගීන් කිහිප දෙනෙක් සදහන් කර තිබෙනවා. මෙම අනතුර පිලිබදව විමර්ශන සිදු කරනු ලබන පොලිසිය අදාල බස් රථයේ රියදුරාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර ඔහු සදහන් කරන්නේ තමන් ඒ […]
ගත වු පැය 24 තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 8දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ දිනයේ කොළඹ – කුරුණෑගල මාර්ගයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර රාජගිරිය ප්‍රදේශයේ දී රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරියෙක් ඇතුළු තවත් අයෙක් රිය අනතුරකින් මිය ගියා. මේ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වලට සිදු වූ රිය අනතුරු වලින් […]
රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක් වැය වන අතර එම එන්නත් මිල දී ගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීමට සැලසුම් කර ඇත්තේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය මත බස්නාහිර පළාතේ සියලුම පාසල් සියලුම ශ්‍රේණි සඳහා ලබන 29 වැනිදා සිට යළි ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාතේ 5, 11 හා 13 යන ශ්‍රේණී සඳහා පමණක් අධ්‍යයන කටයුතු මාර්තු 15 වන දින සිට ආරම්භ කෙරුණා.
ස්ලිම් ජනතා සම්මානයෙන් අඛණ්ඩව හයවන වරටත් වසරේ හොදම/ දක්ෂතම ගුවන් විදුලි නිවේදකයා සම්මානයෙන් සියත එෆ්එම් අරවින්ද ලොකුගේ මහතා පිදුම් ලැබීය. සුවිශේෂි වාර්තාවක් ද පිහිටුවමින් “අරා” අරවින්ද ලොකුගේ මහතා ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ජනතා නිවේදකයා ලෙස තේරි පත්වුයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ අති දක්ෂයා තමන් බව නැවත වරක් සනාථ කරමින්ය. සියත Fm 98.2/ 98.4 ඔස්සේ උදෑසන 7.00 සිට […]
ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන සහ සාරි වර්ග ආනයනය කිරිමට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම මත ආනයනය කිරිමට අවසර ලබා දීමට ද සාරි වර්ග දින 90ක ණය පදනම මත ආනයනය කිරිමට හැකිවන පරිදි ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,