හෙට (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්විම හේතුකොටගෙනය. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද හෙට දිනයේ වසා තැබෙනු ඇති. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය […]
වාහන වල අංක තහඩුවෙන් පළාත හැදින්වෙන අක්ෂරය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා වන කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී ඇති බවත් ඉදිරි මාස දෙක ඇතුලත එම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරයා සදහන් කලේ.
46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයට සත්කාරක රාජ්‍යයන් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව ඊයේ දිනයේ සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ජන්ද 22 ක් ද ශ්‍රී ලංකාවට පක්ෂව ජන්ද 11 ක් ද ඉන්දියාව ඇතුළු රටවල් 14 ක් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියා. කෙසේ වෙතත් ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත […]
ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල්සොයා දිවයින පුරා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරනවා. මේ අතර ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට ද උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ.
කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
කොළඹ, සංඝරාජ මාවතේ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
සබරගමුව, බස්නාහිර,වයඹ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිරසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ගිගුරුම් සහිත […]
ගාලු මුවදොර පිවිසුම් මාර්ගය, ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි. ඒ වෘත්තිය සමිති කිහිපයක් එක්ව සිදුකරනු ලබන විරෝධතාවක් හේතුවෙන්.
වසරේ ගත වූ දින 81 තුළදී රිය අනතුරු වලින් පමණක් පුද්ගලයින් 508 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරනවා. මාරක රිය අනතුරු 483 ක් මේ වන විට සිදුව ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.
වෘත්තීය සමිති උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ, ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ලෝකයේ විවිධ රටවල් කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදනය කරන පසුබිමක තායිලන්තය ද ඒ සදහා නව එන්න්නතක් නිපදවා තිබෙනවා. ඒ අනුව නව එන්නතක් අත්හදා බැලීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 2022 වසර වන විට එය භාවිතය සදහා යොදාගත හැකි වනු ඇතැයි එරට බලධාරීන් සදහන් කරන්නේ. තායිලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 27876 දෙනෙකු හමුවී ඇති අතර එරට සිදුව ඇති […]
සමාජයේ අද බොහෝ විට කතා බහට ලක්වන කාරණයක් තමයි දරුවන් පිලිබදව.. දරුවන් යහපත් ලෙස ගොඩනගන සමාජය සදාචර සම්පන්න සමාජයකට මුලාරම්භය එක් කරනවා. ඊට හේතු වන්නේ සමාජයේ ජිවත් වන්නා වූ බොහෝ බිදුණු මිනිස්සුන් හැඩගැස්වීමට වඩා ශක්තිමත් දරුවෝ ගොඩනගන එක පහසු වීමයි…අද කතාවත් ඒ පිලිබදවයි.