ලුණුගල – කොළඹ පෞද්ගලික බස් රථයක් ඉකුත් දා පස්සර ප්‍රදේශයේ දී අනතුරට ලක්ව එහි ගමන් ගත් මගින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. එම මිය ගිය පිරිස අතර පස්සර මාරක බස් රථය ත්‍රීරෝද රියකින් ලුහුබැද ගොස් නැග්ග යුවළක් ද සිටිනවා. ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම යුවළට දරුවන් තිදෙනෙකු සිටින අතර එම දරුවන් තිදෙනා මිත්තණිය භාරයේ තබා […]
අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වී තිබෙන බව වාර්තා වෙනවා. මෙම වෙඩි තැබීම වෙළෙඳ සංකීර්ණයක් තුල සිදුව තිබෙන අතර ඉන් පොලිස් නිලධාරියෙක් ඇතුළු දස දෙනෙක් මිය ගොස් ඇති බව ව එරට මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම මෙම කුරිරු වෙඩි තැබීම යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබෙන අතර එම වෙඩි තැබීමට ද සම්බන්ධ අදාල […]
රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිට එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට කරුණු වාර්තා කර […]
ජාතික හැදුනුම්පත ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට එය කඩිනම් ලබා ගැනීම සදහා 0115 – 226 126, හෝ 0115 – 226 100 යන දුරකථන ඇමතුම් වලට අමතන ලෙසට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
සේවා අවශ්‍යතාව මත නාලක කලුවැව මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.
ඊයේ රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. කොට්ටාව හා අතුරුගිරිය අතර මෙම සිදුවීම සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
අනවසරයෙන් කැලෑ හෙළි කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිද්ධිය පිලිබදව බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරීන් 10,000කින් අඩුකිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව රොබෝ තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂනික ආදී අංශයන් ට සම්බන්ධ නිලධාරීන් ගැන අවදානය යොමු කරමින් එම අංශයන් වැඩි දියුණු කිරීමට අවදානය යොමුව තිබෙන බවයි සදහන් වන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 09.00 සිට පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
අද උදෑසන රාජගිරියේදී පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් අධික වේගයෙන් පැමිණි වෑන් රථයකට යට වී තිබෙනවා. එම අනතුරෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකයෙක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මෙම අනතුර රාජගිරිය, ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ සිදුව ඇති අතර සිද්ධියෙන් පොලිස් නිලධාරියා ඇතුළු තවත් අයෙක් මරණයට පත්ව තිබෙන බව […]
ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ 5ක් වාර්තා වුණා. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 551කි.
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි […]