ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6,000 ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මස 31 වනදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය අද (05) නීතිපතිවරයාට නියෝග කළේය. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ. එය අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු […]
මෙරට පළමු LNG හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් අද කෙරවලපිටිය ප්‍රදේශයේදි ආරම්භ කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. මෙගාවෝට් 300 ක විදුලි ධාරිතාවක් මෙම බලාගාරයෙන් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර බලාගාරය ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 ක් වන බවයි පැවසෙන්නේ.
මාස 09 යේ බිළිදාට අමානුෂික ලෙස පහර දුන් මව සදහන් කරන්නේ එය වීඩියෝ ගත කරන ලද්දේ විදෙස්ගත ව සිටින සිය සැමියාට පෙන්වීමට බවයි. ඉකුත් දා යාපනය ප්‍රදේශයේදී මාස 09 යේ සිය දරුවාට අමානුෂික ලෙස පහර දුන් මවක් පිලිබදව වාර්තා වූ අතර එම පහරදීම වීඩියෝගත කරන ලද පුද්ගලයින් දෙදෙනෙකුද ඒ සමග අත් අඩංගුවට ගැනුණා.
ජපාන කෝටිපතියෙකු ගෙන් නොමිලේ සඳ වටා සංචාරය කිරිමට 08 දෙනෙකුට ආරාධනා කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ආරාධනාව සිදු කර ඇත්තේ ජපානයේ ප්‍රකෝටිපති වූ යුසාකු මෙෂාවා විසින් වන අතර ඔහු මේ පිලිබදව සදහන් කර තිබෙන්නේ ටිවිට්ර් පණිවුඩයක් නිකුත් කරමින්, ‘සියලුම මට්ටමේ ජන කණ්ඩායම් නියෝජනය කෙරෙන ආකාරයෙන් මගේ අභ්‍යවකාශ ගමන් සගයන් අටදෙනා හවුල්කර ගැනීමට […]
දේශීය පාවහන් නිෂ්පාදකයින්, සතොස සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ඒකාබද්ධව සහන මිල ගණන් යටතේ ඉදිරියේ දී පාසල් දරුවන්ට පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිල ගණන් යටතේ ලබාදීමට තීරණය කරඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පසුගියදා වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමුවූ ඝාතනයට ලක් වූ තරුණියගේ මළ සිරුරේ හිස කොටස සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිය නිවෙසට රැගෙන ගොස් වත්තේ තිබෙන ළිඳකට දමා ඇත්දැයි යන සැකය මත එම ළිඳ හිස් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. . ඒ පොලිස් නිලධාරියා බඩල්කුඹුර සිය නිවෙසට කළු බෑගයක් රැගෙන පැමිණි බවට ලැබුණු තොරතුරක් අනුවයි. එම […]
යතුරුපැදි 17 ක් සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව එම සැකකරු විසින් අදාල යතුරු පැදි විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ද අලෙවි කර ඇති බවයි පැවසෙන්නේ. මේ අතර යතුරුපැදි මිලදී ගත් පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කලේ.
පසුගියදා වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමුවූ ඝාතනයට ලක් වූ තරුණියගේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිද වන රමණි ක්‍රිෂාන්ති යන අය පොලිසියට සදහන් කර ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණිය දිලිණි ඇතුළු තවත් තරුණියක් සිය නිවසට පවා පැමිණ ඇති බවත්ය. මෙ පිලිබදව අදහස් දක්වමින් ඇය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ, “දවසක් මට මහත්තයා කිව්වා එය වැඩ කරන තැන කෙල්ලෝ […]
ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී. මේ අනුව මෙය ශ්‍රී ලංකාවේ 16 වන විශ්වවිද්‍යාලය වනවා.මෙම විශ්ව විද්‍යාලයේ ප්‍රථම කුලපති, මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ට විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා.
හෙට දින සිට පවතින වියලි කාලගුණ තත්වයේ වෙනසක් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. අද දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින්තැන සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත […]
චීනයේ ධනවත්ම පුද්ගලයා බවට වාර්තා වූ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා හට එම ස්ථානය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු 2019 සිට 2020 දක්වා චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි පුද්ගලයා වන අතර එරට ධනවතුන් සම්බන්ධයෙන් නිකුත්කළ නවතම ලැයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා ලෙස “බෝතල් කළ පානීය ජලය” අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන “නොන්ග්ෆු […]