News Line| Off Air
Generic placeholder image

Feb
22

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලහිරු කුමාර හට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර අද ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා පිටත්වීමට නියමිතව තිබුණා.


Feb
22

සැමියා සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් කාන්තාවක් සිය තුන් හැවිරිදි දරුවා සමග ළිදට පැන සිය දිවි නසාගනී

Generic placeholder image

බිබිල ප්‍රදේශයේ කාන්තාවක් සිය සැමියා සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිය තුන් හැවිරිදි දරුවා සමග අසල ඉඩමක තිබු ළිදකට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. හමුදා රාජකාරියේ නිරත සිය සැමියා සමග මෙලෙස එම කාන්තාව විසින් එදින රාත්‍රියේ දුරකථන සංවාදයක නිරතව සිට තිබෙන අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් මෙලෙස දුරදිග ගොස් තිබෙන බවයි […]


Feb
22

හබරණ වැව් ඉස්මත්තේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලයි

Generic placeholder image

හබරණ ප්‍රදේශයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ මත්පැන් සාදයක් වටලා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය සදහන් කරනවා. හබරණ වැව් ඉස්මත්තේ හෝටලයක මෙම සාදය පවත්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Feb
22

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට යන අයට දුන් විශේෂ පණිවිඩය

Generic placeholder image

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට යන දෙස් විදෙස් සංචාරකයින් සදහා විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එනම්, මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සදහා දෙස් විදෙස් සංචාරකයන්ට විදුරු ආවරණ සහිත නැරඹුම් මැදිරි හා ආරක්‍ෂිත වැට ඉදි කිරීම ආදී අවශ්‍ය පහසුකම් සලසන තෙක් එම භුමිය අවට කුඩාරම් ඉදිකිරීම තහනම් වන බවයි.


Feb
22

කටුනායක සහ පුත්තලම අතර දුම්රිය ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ලබන සිකුරාදා(26) පෙ.ව. 08.00 සිට 28වන ඉරිදා ප.ව. 08.30 දක්වා කාලය තුළ නතර කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙනු ලබනවා. මෙම කාලසීමාවේ දී කටුනායක සහ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර […]


Feb
22

පාකිස්තාන අගමැති හෙට දිවයිනට එයි

Generic placeholder image

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. .මෙම සංචාරයේදී එරට අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි. .


Feb
22

දරුවන් දෙදෙනාට කාටූන් පෙන්වමින් ලිංගික අපයෝජනය කරපු මවගේ අනියම් සැමියා පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

වයස අවුරදු 13 ක් සහ 14 වියැති පිරිමි දරුවන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයන්ට ලක් කිරීමේ සිද්ධියකට එම දරුවන් දෙදෙනාගේ මවගේ අනියම් සැමියා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිදු කරන ලද පැමිණිල්ලක් අනුවයි. අවිවාහක 29 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර අදාල පුද්ගලයා දරුවන්ට කාටුන් පෙන්වන්න යැයි සදහන් කරමින් සිය නිවසට රැගෙන ගොස් […]


Feb
22

ඇස් කණ්නාඩි පළදින අයට කොරෝනා වැළදීමේ ප්‍රවණතාවය තුන් ගුණයකින් අඩුවෙයි ?

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ලොව පුරා රටවල් ගණනක් පිඩාවට ලක්ව තිබෙනවා. මේ වන විට කොරෝනා එන්නත් විවිධ රටවලින් නිෂ්පාදනය කර තිබෙන අතර යම් දුරට මෙම එන්නත් හරහා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිය යුතු ලෙස ඉහල මට්ටමක පවතී. කෙසේ වෙතත් මේ වන විට මෙම වෛරසය පිලිබදව විවිධ මට්ටමේ පරීක්ෂණ වලට භාජනය කෙරෙමින් නව තොරතුරු […]


Feb
22

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද

Generic placeholder image

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පවතින කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මෙම සැසිවාරය පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂනය ඔස්සේයි. මේ අතර මානව හිමිකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිලිබදව ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.


Feb
22

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගැනේ

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ගණනවක් ලොව පුරා විවිධ රටවලින් අලුතින් හදුනා ගෙන තිබෙන අතර ඉන්දියවේ ද නව කොරෝනා ප්‍රභේද 240 ක් පමණ හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. එරට කොරෝනා ආසාදිතයින් දිනෙන් දින වැඩි වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ අතර එරට සෑම පුද්ගලයෙක්ම පාහේ කොවිඩ් එන්නත් ලබා ගැනීම අතවශ්‍ය බවද අවධාරණය කරනවා.


Feb
22

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 10 ක්

Generic placeholder image

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා මරණ 10 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445කි. වාර්තා වූ මරණ අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 7 දෙනෙක් ඇතුලත්.


Feb
22

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක. උතුරු සහ උතුරු-මැදපළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවියහැක. […]


News Articles
Latest Videos
Most Popular Post