News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිත ගණන තවදුරටත් ඉහළට

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 336 දෙනෙකු අද පස්වරුවේ හඳුනා ගැනුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ එලෙස හඳුනා ගත් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 63,456ක් ලෙසයි.


Feb
5

හෙට උදැසන සිට මීගමුවේ ගල්කන්ද හන්දිය වසා දැමේ

Generic placeholder image

හෙට උදෑසන 6 සිට පැය 36ක කාලයක් කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මීගමුව, ගල්කන්ද මංසන්ධිය වසා තබන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ, දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අදාළ කොටස වසා තැබෙන බවයි. එම කාල සීමාව තුළ දුම්රිය ධාවනය සිදු කෙරෙන්නේ ද කටුනායක දක්වා පමණක් බවත් පොලිසිය දැනුම් දෙනවා.


Feb
5

කොවිඩ් ආසාදනය වී සිටි තවත් 894කට සුවයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 894 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ එලෙස රෝහල්වලින් පිටව ගිය පිරිස සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461 දක්වා ඉහළ ගිය බවයි.


Feb
5

රවී කරුණානායකට සහ අර්ජුන් ඇලෝෂියස්ට අධි චෝදනා ගොනුකර, ඇප මත මුදා හරියි

Generic placeholder image

හිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝෂියස් යන අය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. රවි කරුණානායක මහතාට අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දරන සමාගමක් නිකුත් කළ මුදල්වලින් නිවසක් මිල දී ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව අද කැඳවූවා. එහිදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් […]


Feb
5

මෙරට ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා. අරවින්ද ද සිල්වා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර එහි අනෙකුත් සාමාජිකයින් වනවා.


Feb
5

නිවසේ වැසිකිළිය තුල දිවියා සමග සිර වී සිටි සුනඛයාට සිදු වූ දේ ( photo )

Generic placeholder image

ඉන්දියවේ කාන්නඩ ප්‍රාන්තයේ නිවසක වැසිකිළියක් තුලට පැමිණි සිටි දිවියෙක් සමග එම නිවසේ සිටි සුනඛයා ද සිර වී සිට ඇති අතර නිවැසියන් සිය නාන කාමරයේ සිටි දිවියා දැක අදාල කාමරය අගුලු දමා තිබෙනවා. එම කාමරයේ සිටි සුනඛයා ද මේ හේතුවෙන් එළියට ඒමට නොහැකිව සිරව තිබෙනවා. එම සුනඛයාට මරණ බියෙන් තැතිගෙන සිටින ආකාරයක් එම සිද්ධිය රූගත කරන […]


Feb
5

82 හැවිරිදි කාන්තාවක් දූෂණයකර පළා ගිය 32 හැවිරිදි පුද්ගලයා අල්ලයි

Generic placeholder image

අතුරුගිරිය, වල්ගම ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ 82 හැවිරිදි කාන්තාවක් දූෂණයකර පළා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාවගේ දරුවන් දෙදෙනා වෙනත් නිවෙස්වල පදිංචිව සිට ඇති අතර ඇය වල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තනිව වාසයකර තිබුණා. එම කාන්තාවගේ නිවස අසල පිහිටි කුඩා කඩ කාමරයක් කුලියට දීමට ඇති බවට පළකර තිබූ දැන්වීමකට අනුව ඒ පිළිබඳ තොරතුරු දැන […]


Feb
5

රන් මිලෙහි වෙනසක්

Generic placeholder image

ලෝක වෙළෙදපොලේ රන් මිල පහල ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල සියයට 2.44 කින් පහල බැස තිබෙන අතර මේ වන විට ලෝකවෙළෙදපොලේ රන් අවුන්සයක මිල පවතින්නේ 1,790, 33 ලෙසයි.


Feb
5

එළඹෙන සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ 27 ක්

Generic placeholder image

සඳුදා සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණයකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බව අමාතයවරයා වැඩ්දුරටත් පැවසීය. රතු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 106සුදු කැකුළු 1Kg – (නව මිල) රුපියල් […]


Feb
5

තම සොහොයුරා අතින් දිගු කාලයක් තිස්සේ අපයෝජනයට ලක් වූ 15 හැවිරිදි නැගණිය දරුවෙකු බිහි කරයි

Generic placeholder image

වයස අවුරදු 18 ක් වූ සිය සොහොයුරා අතින් දිගු කාලයක් තිස්සේ ලිංගික අතවරයට ලක් වුණු 15 හැවිරිදි නැගණිය දරුවෙකු බිහිකර තිබෙනවා. දරුවා ලැබීමට එම 15 හැවිරිදි දැරිය රෝහලගත කිරීමට යාමේදි මේ බව කරුණු අනාවරණය වී තිබෙන්නේ. පොලිසිය විසින් අදාල 18 හැවිරිදි සොහොයුරා අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඊයේ දිනයේ අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.


Feb
5

ගම්පහ මුල්‍ය ආයතනයේ මංකොල්ලය ගැන තොරතුරු දුන්නොත් රුපියල් මිලියනයක මුදලක්

Generic placeholder image

ගම්පහ ප්‍රදේශයේ පසුගියදා සිදුවූ මුල්‍ය ආයතන කොල්ලය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නෙකුට රුපියල් මිලියනයක මුදලක් පිරිනමන බව පොලිසිය පවසනවා.


Feb
5

අඩි 60ක් ගැඹුරු මුහුදේදී විවාහ වුණු අපූරු යුවළක් ( photo )

Generic placeholder image

සිය විවාහය අඩි 60 ක් ගැඹුරු මුහුදේදී විවාහය වුණු අපුරු යුවළක් පිලිබදව දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙනවා. දකුණු ඉන්දියාවේ වෙන්නායි නුවර පෙම්වතුන් යුවළක් විසින් සිය විවාහය මේ ආකාරයට අඩි 60 අඩි 60ක් ගැඹුරු මුහුදේදී සිදු කර තිබෙනවා. මෙම පෙම්වතුන් දෙදෙනා සහ කිමිදුම් උපදේශකයන් හය දෙනෙකුද මෙලෙස බෝට්ටුවක නැගී සාගරය වෙත ගොස් තිබෙන අතර මෙම උපදේශකයන් විසින් […]


News Articles
Latest Videos
Most Popular Post