News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

නයිජීරියාවේ පාසලකින් පැහැර ගැනුණු සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම්

Generic placeholder image

නයිජීරියාවේ වයඹ දිග ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වූ පාසල් සිසුන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නයිජීරියාවේ කන්කාරා ප්‍රදේශයේ පිරිමි පාසලක සිසුන් පිරිසක් පසුගියදා මෙලෙස පැහැර ගැනීමට ලක්වුණා. පැහැර ගැනීම සිදු කළ බව පැවසෙන සන්නද්ධ කණ්ඩායම රජයේ හමුදා සමග වෙඩි හුවමාරුවක ද නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පැහැර ගැනීමට ලක් […]


Dec
14

“කොරෝනා” අස්සේ මතුවන “සේනා”

Generic placeholder image

මුල්වරට 2018 වසරේ මෙරට වගාබිම් ආශ්‍රිතව පැතිර පැවැති සේනා දළඹු උවදුර යළිත් හිස ඔසවමින් ඇතැයි වාර්තා වනවා. ඒ, අනුරාධපුර, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාබිම් ආශ්‍රිතවයි. ආක්‍රමණශීලී පළිබෝධකයෙකු වන සේනා දළඹුවා පිළිබඳ 2016 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් මුල් වරට වාර්තා වූ අතර පසුව එම දළඹු ව්‍යාප්තිය සිදු වුණේ අප්‍රිකානු රටවල් දෙසටයි. බඩඉරිඟු, උක්, වී, […]


Dec
14

බන්ධනාගාර ආසාදිතයින් ගණන 3,000 ඉක්මවයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වූ බන්ධනාගාර රැඳවියන් 122නෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 3,087ක් ලෙසයි.


Dec
14

පෙර පාසල් විවෘත කිරීම ගැන තීරණය ඉදිරි දෙසතිය තුළ

Generic placeholder image

වසා දැමුණු පෙර පාසල් සහ ප්‍රාථමික අංශ විවෘත කිරීමේ තීරණය ඉදිරි සති 2 තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසනවා. කොරෝනා වසංගතය හේතුවෙන් පෙර පාසල් සහ ප්‍රාථමික අංශ වසා දැමීමට පසුගියදා තීරණය කෙරුණා.


Dec
14

ජපන් තරුණිය පැහැරගෙන ආ තරුණයා ඇප ලබා පිටව යයි

Generic placeholder image

ජපානයේ සිට කෝටිපති ජපන් තරුණියක පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයා අද ඇප ලබා පිටව ගියා. සති දෙකකට ඉහතදී අදාළ තරුණයාට ඇප හිමි වුව ද දින 14ක් නිරෝධායනයට යොමුකර තිබීම හේතුවෙන් ඔහුට පිටව යාමට හැකි වුයේ නැහැ. මෙරටින් ජපානයට පිටත්ව ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට තොරතුරු වාර්තා […]


Dec
14

විදෙස්ගත ලාංකිකයින් 100ක් දිවයිනට

Generic placeholder image

සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවලට ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 100දෙනෙකු අද දිවයිනට පැමිණියා. ඒ අනුව සිංගප්පූරුවේ සිට 08 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු, සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට 42දෙනෙකු ද එලෙස පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි මෙම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් […]


Dec
14

කොරෝනා අධි අවදානම් ප්‍රදේශ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ කොරෝනා අධි අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ නවතම සිතියම ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන බෙදා හැරීම මත පදනම්ව මෙම සිතියම නිකුත්කර තිබෙනවා. එමෙන්ම මේ මස 7 වැනිදා සිට ගෙවුණු දින 14 පදනම්කර ගනිමින් අදාළ සිතියම සකස්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග […]


Dec
14

චීනයේ කොරෝනා එන්නත ගැන ශ්‍රී ලංකාව වාර්තාවක් කැඳවයි – අමාත්‍ය සුදර්ශනී, විද්වතුන් කැඳවා සාකච්ඡාවකට සැරසෙයි

Generic placeholder image

චීනය මගින් නිපදවන කොරෝනා එන්නතේ සාර්ථකත්වය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍යාංශය චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම වාර්තාව ඉල්ලා සිටි බව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවා. චීනයේ නිෂ්පාදිත එන්නත […]


Dec
14

පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට තැත් කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුට අධිකරණයෙන් ඇප

Generic placeholder image

මීගමුව ප්‍රදේශයේදී පුද්ගලෙයකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට උත්සාහ කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙනවා. පහර කෑමට ලක් වූ පුද්ගලයා විසින් පහර දුන් කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිද සමග අනියම් ඇසුරක් පවත්වනු ලැබ ඇති අතර ව්‍යාපාරිකයා අදාළ පුද්ගලයාට එම ඇසුර නවත්වන ලෙස කිහිප වතාවක් පවසා […]


Dec
14

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා රාජකාරී අරඹයි

Generic placeholder image

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා. මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක්. ත්‍රස්තවාදයට එරෙහි මානූෂීය ක්‍රියාන්විතයේ ජනාධිපති ආරක්ෂක සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් අල්විස් මහතා, යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙක්. එමෙන්ම […]


Dec
14

‘ෆයිසර්’ එන්නත ලබා ගත් බ්‍රිතාන්‍යයේ පළමු ලාංකිකයා කියූ දේ

Generic placeholder image

කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් ලෙස දැනට පවතින ෆයිසර් එන්නත පළමුවෙන් ලබාගත් කිහිප දෙනා අතර බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු ද සිටින බව වාර්තා වනවා. පසුගිය 8වැනිදා අදාළ එන්නත ලබාදීම බ්‍රිතාන්‍යය තුළ ආරම්භ කළ අතර එදිනම එම එන්නත ලබා ගැනීමේ අවස්ථාව ඔහුට හිමි වුණා. ඒ, ඔහු දකුණු එංගලන්තයේ සරේහි ෆ්‍රිම්ලි පාර්ක් රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර […]


Dec
14

දිගන භූ කම්පන හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ බැම්ම අවදානමක ද?

Generic placeholder image

මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව දිගින් දිගටම සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කෙරුණු කමිටුවේ වාර්තාව මේ මස අග වනවිට නිකුත් වීමට නියමිතව තිබෙනවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් විශේෂඥයින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළේ, පසුගිය 19 වැනිදායි. දැනට ඒ සම්බන්ධයෙන් පවත්වන ලද […]


News Articles
Latest Videos
Most Popular Post