බුරවි සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝ මීටර 110ක් දුරින් ස්ථානගතව ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අද රාත්‍රී 7ත් 10ත් අතර කාලය තුළ ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ඊසානදිග වෙරළෙන් දිවයිනට ඇතුළු වන බව අද දහවල් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ සුළි කුණාටුව හේතුවෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර 80ත් 90ත් දක්වා […]
සුළි කුණාටුවේ බලපෑමත් සමග ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම ඊයේ රාත්‍රී කිළිනොච්චිය හරහා හමා ගිය තද සුළඟින් කිළිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදු වී ඇති අතර ගස් රැසක් ද කඩා වැටී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. පවතින සුළි කුණාටු තත්ත්වය හමුවේ උතුරු පළාතට […]
පුත්තලම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා තබන බව වයඹ පළාත්ආ ණ්ඩුකාරවරයා පවසනවා. ඔහු පැවසුවේ, බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
නව කොරෝනා ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එම මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,882ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම වෛරසය වැළඳී මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 18,000 ඉක්මවා ගිය අතර එම ගණන […]
බුරවි සුළි කුණාටුව හේතුවෙන් අවදානමට ලක්විය හැකි උතුරු – නැගෙනහිර ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 75,000ක් මධ්‍යස්ථාන 237ක් වෙත ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා. එලෙස ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැළසීමට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී […]
“බුරවි” සුළි කුණාටුව අද උදෑසන 11.30 වනවිට ත්‍රිකුණාමලයට කිලෝ මීටර 140ක් නැගෙනහිරට බරව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, එම පද්ධතිය අද රාත්‍රී 7ත් 10ත් අතර ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ඊසානදිග වෙරළෙන් දිවයිනට ඇතුළු විය හැකි බවට බලාපොරොත්තු වන බවයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නව නිවේදනය පහතින් […]
මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පිරිස 18 ,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද සුවය ලැබූ 487 දෙනාත් සමගයි. ඒ අනුව මෙරට මේ වන විට සුවය ලැබූ සමස්ත ගණන 18,304ක්.
පළමු ශ්‍රේණියට ළමයෙක් ඇතුලත් කර ගැනීම සදහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේදී විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම කොමිසමට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස මෙම වැටලීම සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකාව හරහා ගමන් කරන බුරවී සුළි කුණාටුවෙන් ඇති විය හැකි ආපදා තත්වය සැලකිල්ලට ගෙන නුවරඑළිය වලපනේ – පදියපැලැල්ල මාර්ගයත් මලපට්ටාව ප්‍රදේශයෙන් අද පස්වරු 6.00 සිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා
විදයානුකූලව වැඩි දියුණු කරන ලද මස් සඳහා සිංගප්පුරුවේ අනුමැතිය හිමි ව තිබෙනවා. මේ අනුව වැඩි දියුණු කළ කුකුල් මස් විකිණීමේ අවසරය එරට සමාගමකට හිමිව තිබෙනවා. මේ සදහා ඝාතනය කළ සතුන්ගෙන් මාංශ ලබාගෙන නොමැත බව සදහන්.
බුරවී සුළි කුණාටුව අද රාත්‍රී 07 – 10 ත් අතර කාලය තුල දිවයිනට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මේ හේතුවෙන් දිවයිනේ හරහා හමන සුළගේ වේගය පැයට කිලෝමීටර 100 දක්වා වැඩි විය හැකි බවට කාලගුණයෙන් අනතුරු ඇගවීමක් සිදු කරනවා. මේ අතර උතුරු , උතුරු මැද , වයඹ , නැගෙනහිර , බස්නාහිර , සබරගමු […]
ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන සනී ඩියෝල්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර තිබෙනවා. ඇති වූ අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට පැමිණි අතර තුරේදී සිදු කරන ලද pcr පරීක්ෂනයට අනුවයි ඒ බව හදුනාගෙන තිබෙන්නේ.