News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල කාර්යාලයට ජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත හෙට සිට නැවත දැනුම් දෙනතුරු ජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ, කොරෝනා වෛසරය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින්. ඒ අනුව ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී දිනවල පෙරවරු 8 සිට පස්වරු 4:30 දක්වා එම කාර්යාලයේ නිලධාරීන් සමග සම්බන්ධ වී […]


Nov
1

මෙරට 21 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 21 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 40 හැවිරිදි පුද්ගලයෙකු මියගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් එලෙස මියගොස් ඇති බවයි. අධි රුධිර පීඩනය සහ ස්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් පසුගිය 23 වැනිදා ඔහුව රෝහල්ගත කර තිබුණා. ඔහු ඊයේ මියගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ්‍. පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් […]


Nov
1

බස්නාහිරටත් පන්දහසේ දීමනාව – නිරෝධායනය වන පවුල්වලට දසදහසක සහන මල්ලකුත්

Generic placeholder image

නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බස්නාහිර පළාතේ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහි පළාතේ, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ජීවනෝපාය අහිමි වූ, සහන ලැබිය යුතු බව හඳුනාගත් පවුල් සඳහා රුපියල් පන්දහසේ දීමනාව යළි ලබාදීමට කටයුතු සැළසුම් කර තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය අංශවල තීරණයට අනුව දිවයින පුරා නිවසේවල […]


Nov
1

වෛසරය ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 125ක් වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආදානය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 125 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, එලෙස හඳුනාගෙන ඇත්තේ, දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින පොලිස් නිලධාරීන් මිස පොලිස් ස්ථානවල රාජකාරියෙහි නිරත නිලධාරීන් නොවන බවයි. මේ වනවිට එම නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ. එමෙන්ම 400 කට […]


Nov
1

සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් දැනුම් දිය යුත්තේ කාට ද?

Generic placeholder image

කොරෝනා වෛරසය බවට සැක කළ හැකි ලක්ෂණ ඇත්නම් සෘජුව රෝහලක් වෙත නොයා ඒ පිළිබඳ නිවසේ සිට අදාළ අංශ දැනුවත් කිරීමට නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. අද පස්වරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පැවසුවේ, රෝගියා පත්වන අපහසුතාව වැළැක්වීමත්, යම් හෙයකින් අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී ඇත්නම් එය බාහිර […]


Nov
1

දිස්ත්‍රික්ක අතර සංචරණය දැඩිව සීමා කරයි

Generic placeholder image

සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් අතර අද පැවැති සාකච්ඡාවේදීයි. එහිදී තීරණය කර ඇත්තේ, භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කිසිඳු කටයුුත්තක් සඳහා දිස්ත්‍රික්ක අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන […]


Nov
1

කොළඹ කොටස් වෙළඳපොළේ නිවේදනය

Generic placeholder image

කොළඹ කොටස් වෙළඳපොළේ මෙහෙයුම් කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි සිදු කරගෙන යෑමට තීරණය කර ඇති බව කොළඹ කොටස් වෙළඳපොළ අද නිවේදනය කළා.


Nov
1

කොරෝනා මර්දනයට ජනපති ගත් තීරණ

Generic placeholder image

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසක් ගෙන තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර ජනාධිපති කාර්යාලයේදි අද පැවැති සාකච්ඡාවකදීයි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යෑම වෙනුවට නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථක ප්‍රතිඵල […]


Nov
1

තවත් 193ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසානය වූ නව ආසාදිතයින් 193 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හුමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, නිරෝධායන මධ්‍යස්ථානවලින් 6 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 187 දෛනෙකු එලෙස වාර්තා වී ඇති බවයි.


Nov
1

බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය තවදුරටත් දීර්ඝ කෙරේ තවත් පොලිස් බලප්‍රදේශ කිහිපයකටත් ඇදිරි නීතිය පැනවේ

Generic placeholder image

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දින 07ක කාලයක් එනම් නොවැම්බර් මස 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එමෙන්ම හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද ඇඳිරි නිතිය ක්‍රියාත්මක කරන […]


Nov
1

කොරෝනා රෝගීන් සඳහා ICU ඇඳන් 143ක් වෙන්කරයි

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් සඳහා දිවයින පුරා ICU ඇඳන් 143 ක් පමණ මේ වන විට වෙන් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ අවදානම් ජනකොටස්වලට මෙම වෛරසය ව්‍යාප්ත වුවහොත් මෙම ICU ඇඳන් ප්‍රමාණය මිට වඩා වැඩි කිරීමට සිදු වන බවයි.


Nov
1

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට හා හෙදියකට කොරෝනා

Generic placeholder image

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට හා හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට ඔවුන්ගේ සමීපතමයින් හා අශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post