පිටකොටුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් අද දින විවෘතව පවතිනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පැවසුවේ, අද උදෑසන 5 සිට පස්වරු 3 දක්වා එම වෙළඳසැල් විවෘතව පවතින බවයි. පිටකොටුව හතරවැනි සහ පස්වැනි හරස් වීදිවල තොග වෙළඳසැල් එලෙස විවෘතව පවතින බවයි එම සංගමය පැවසුවේ. ඒ අනුව අද පස්වරු 3 දක්වා වෙළඳුන්ට ආහාර ද්‍රව්‍ය මිල […]
ඊයේ දිනයේදී මෙරටින් හමු වූ කොරෝනාආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් වන බව වාර්තා වෙනවා. ඒ අනුව එලෙස ආසාදිතයින් ලෙස වාර්තා වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකු ද පොලිසියේ නිලධාරීන් 16 ක්
ඊයේ රාත්‍රී තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය චීන වරයා ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙක්. අනතුර සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් චීන වරාය පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා […]
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 275 දෙනෙක් වාර්තා වූ අතර එයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 90 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් – 90 ගම්පහ 09, කඳාන 02, මහර 34, බියගම 18, මිනුවන්ගොඩ 01, කැලණිය 16, වත්තල 03, පෑලියගොඩ 03, රාගම 02ක් සහ කඩවත 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කය – ආසාදිතයින් 61) : […]
මේ වන විට පවතින ඇදිරි නිතිය තත්වය මත අනවශ්‍ය ආකාරයෙන් සහල් තොග කළුකඩ වෙළෙඳුන් අතට යෑම පාලනය කිරීම වලක්වාලීමට ලංකා සතොසින් එක් වරකට පාරිභෝගිකයකුට හාල් කිලෝ 2ක් පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සම්බා සහල් හිඟයක් පවතින බව ද එහි සභාපතිවරයා සදහන් කරනවා.
ඉකුත්දා මහ මැතිවරණයෙන් තේරී පත් වූ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් විසින් අමාත්‍ය මණ්ඩලය පත්කරගැනීමේදී විදේශ අමාත්‍ය ධූරය ආදිවාසී කාන්තාවකට ලබා දීමට කටයුතු කර තිබෙනවා. නනයිආ මහුටා” නම් ආදිවාසී මාඕරි කාන්තාවක් වන ඇය නවසීලන්තයේ විදෙස් අමාත්‍ය ධූරයට පත්වූ ප්‍රථම ආදිවාසී කාන්තාව වනවා.
බේරුවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා. රෝහලේ දන්ත වෛද්‍යවරයෙක් වන පහු කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව මෙලෙස හදුනාගෙන තිබෙනවා. එම කාර්ය මණ්ඩලයේ සේවකයකුටද මෙම වෛරසය අසාදනය වී ඇති බව හදුනා ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ මෙරට හමු වූ කොරෝනා ආසාදිතයින් ගණන 275ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිත ගණන 11,335 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එයින් 43 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද අනෙක් 230දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වනවා.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා ක්ෂණික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඒ සඳහා සම්පූර්ණ කරන ලද අයඳුම්පත secetary@mws.gov.lk යන විද්‍යුත් තෑපෑලට යොමු කිරීමෙන් ඇඳිරිනීති බලපත්‍රය පහසුවෙන් ලබාගත හැකියි. කෘෂිකාර්මික, ධීවර කටයුතු, වෙනත් නිෂ්පාදන […]
කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පොලිස්බල ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා. හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස්බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස්බල ප්‍රදේශයත් එලෙස හුදෙකලා කෙරුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත අදාළ පොලිස්බල ප්‍රදේශ, හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය […]
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 111 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එම ආසාදිතයින් සියලු දෙනාම මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,335 දක්වා ඉහළ ගියා.
මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් වෙලදාම් කටයුතු සිදු කරනු ලැබූ වෙළෙද ප්‍රජාව දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙනවා. ඒ පාරිභෝගිකයින් අතට සිය වෙළෙදාම ලබා දීමට නොහැකි වීම හේතුවෙන්. කෙසේ වෙතත් එයට අභියෝග කරමින් බිත්තර විකුණු බිත්තර වෙළෙන්දෙක් ගැන තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා.