News Line| Off Air
Generic placeholder image

Nov
3

කළුතර ආසාදිතයින් ගණන 431 දක්වා ඉහළට

494 Views


කළුතර ආසාදිතයින් ගණන 431 දක්වා ඉහළට

මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 431 දෙනකෙු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ පවසනවා.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවත් වාර්තා වී ඇත්තේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් වන අතර එම සංඛ්‍යාව 109ක්.

එමෙන්ම මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 57ක්, හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 47ක් සහ පානදුර ප්‍රදේශයෙන් 41 දෙනෙකු වාර්තා වන බවයි දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසුවේ.

බේරුවල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 66ක්.


News Articles
Latest Videos
Most Popular Post