කඩවත – මහකඬේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්වූ ත්‍රිරෝද රථය පැදවූ 17 හැවිරිදි දරුවා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.
ඔහු ලබන 11 වනදා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
17 හැවිරිදි දරුවා සම්බන්ධයෙන් සිදු කළ මත්ද්‍රව්‍ය පරීක්ෂාවේදී ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවට තහවුරු වූ බවයි පොලිසිය ස`දහන් කළේ.
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින 16 හැවිරිදි දරුවා ද මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කිරිම සඳහා පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙනවා.
කඩවත මහකඬේ හන්දියේදී විශේෂ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිළධාරීන් විසින් පසුගිය 31 වනදා පස්වරුවේ ත්‍රිරෝද රථයක් නවත්වන ලෙස සංඥා කර තිබුණා.
එම අණ නොතකා ත්‍රීරෝද රථය ධාවනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී පොලිස් නිළධාරීන් රථය හඹා ගොස් වෙඩි තබා තිබුණා
ඉන් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ පසුපස ගමන් කළ 16 හැවිරිදි දරුවෙක්.
ත්‍රිරෝද රථය ධාවනය කළ 17 හැවිරිදි තරුණයා කඩවත පොලිසියට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.
ත්‍රිරෝද රථයේ හිමිකරුට නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
බාල වයස්කරුවෙකුට හෝ රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට රිය පැදවීමට ඉඩ ලබා දීම මෝටර් රථ වාහන පනත යටතේ වරදක් වන බව ද ඔහු ස`දහන් කළා.
ත්‍රිරෝද රථය පොලිස් අණ නොතකා පළාගොස් ඇත්තේ රියදුරු බපලත්‍ර නොමැති වීම හේතුවෙන් බවට අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ සිද්ධිය පිළිබදව විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව මගින් මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාළ සිදුවීමේදී මානව හිමිකම් කඩවී ඇත්දැයි සෙවීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පැවසුවේ.
මේ අතර, පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ රැඳවියෙකුට බන්ධනාගාර නිලධාරියෙකු එල්ල කළ වෙඩි පහරකින් එම රැ`දවියා මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම රැ`දවියා අයිස් මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි 27 හැවිරිදි පුද්ගලයෙක්.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න පැවසුවේ රැ`දවියා බන්ධනාගාර තාප්පයට යාබද ආරක්ෂක කුටියකට නැග ඇති බවයි.
එහිදී අදාළ රැඳවියා එම ආරක්ෂක කුටියේ රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර තිබුණා.
එහිදී එම නිලධාරියා විසින් රැඳවියාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ස`දහන් කලේ.
සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයට අනුව ඉදිරි පියවර ගන්නා බව ද ඔහු කියා සිටියා.
පලා යන රැ`දවියෙකුට වෙඩි තැබිය හැක්කේ අන්තර්ජාතිකව පිළිගත් නෛතික රාමුවකට අනුකූලව බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ.