News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

Queen Of International Tourism 2025 කිරුළ ආදිත්‍යා වැලිවත්තට

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ආදිත්‍යා වැලිවත්ත මීට සුළු මොහොතකට පෙර Miss Tourism Universe 2025 කිරුළ දිනාගෙන තිබෙනවා. මෙම තරඟාවලිය වෙනුවෙන් ශ්‍රි ලංකාවෙන් තරඟාකාරිනියන් පස් දෙනෙකු සහභාගී වී තිබෙනවා. සියළු තරඟකාරියන් අභිබවා තරඟාවලිය ජයග්‍රහණය කොට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය ඇයට අපෙන් උණුසුම් සුභ පැතුම්!


Aug
7

SLC T20 League තරඟාවලිය අදින් ඇරඹේ

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 League තරඟාවලිය අද (07) සිට ආරම්භ වීමට නියමිතයි. අද දින තරගය සඳහා, දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් Team Blues කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Team Greens කණ්ඩායම තරග වදිනු ඇත. මෙම තරගය අද දහවල් 1.30 ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


Aug
6

WhatsApp විසින් වංචනික ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි

Generic placeholder image

WhatsApp වංචාවලින් ආරක්ෂා වන්නේ කෙසේද? පසුගිය වසරේ පළමු භාගයේදී WhatsApp විසින් වංචනික ක්‍රියාවලට සම්බන්ධ ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර තිබෙනවා. මෙම ගිණුම් බොහොමයක් අග්නිදිග ආසියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් පවත්වාගෙන ගිය වංචා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ බවයි Meta ආයතනය ප්‍රකාශ කර ඇත්තේ . මෙම වංචාකරුවන් ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා සඳහා WhatsApp කණ්ඩායම් චැට් […]


Aug
6

හිරෝෂිමා ඛේදවාචකයට අදට වසර 80යි

Generic placeholder image

අමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළා වසර 80ක් සපිරීම නිමිත්තෙන් අද (අගෝස්තු 6) දින ජපානයේ නිහඬ යාඥාවක් පවත්වා තිබෙනවා. ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා මහතා ඇතුළු ලොව පුරා නිලධාරීන් රැසක් මෙම උත්සවයට සහභාගී වී තිබෙනවා. හිරෝෂිමා නගරාධිපති කසුමි මට්සුයි එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ ඇත්තේ, “යුද්ධයකදී පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක් වූ එකම ජාතිය ජපානයයි. ජපාන […]


Aug
5

අවුරුදු 18ට අඩු දරුවන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව

Generic placeholder image

වයස අවුරුදු 18ට අඩු දරුවන්ට මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් මෙම යෝජනාවට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වෙනවා. මෙම පියවර මූලික වශයෙන් දේශීය දරුවන් තුළ සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ඔවුන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ […]


Aug
4

පළමු රන්දෝලි පෙරහැර අදයි

Generic placeholder image

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. පළමු රන්දෝලි පෙරහැර අද (04) පස්වරු 6.52ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර වැව පාර, දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය ඔස්සේ නැවතත් ඩී. එස්. සේනානායක වීදියට පිවිස රජ වීදියෙන් […]


Aug
3

ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් දිවයිනට

Generic placeholder image

ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් ඊයේ (02) පස්වරුවේ දිවයිනට පැමිණියා. දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම වෙනුවෙනුයි රිතික් රෝෂන් මෙලෙස දිවයිනට පැමිණ තිබෙන්නේ. ඔහු සමඟ තවත් බොලිවුඩ් සහය නළුවන් කීපදෙනෙක්ද මෙරටට පැමිණ ඇති බවයි තවදුරටත් ආරංචි මාර්ග පවසන්නේ. සමාරම්භක උළෙල සඳහා […]


Jul
31

අංජානා හීනටිගල Miss Teen Tourism ලෝක තරඟාවලියට

Generic placeholder image

ශ්‍රී ලංකාවේ Miss Teen Tourism කිරුළ දිනූ අංජානා හීනටිගල, පිලිපීනයේ පැවැත්වෙන Miss Teen Tourism ජාත්‍යන්තර තරඟාවලියට සහභාගී වීම සඳහා ඊයේ( (ජූලි 30) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා. ලොව පුරා රටවල් 40ක තරඟකාරියන් සහභාගී වන මේ තරඟාවලියේ අවසන් මහා තරගය, එළඹෙන අගෝස්තු මස 08 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වීමට නියමිතයි. ඇයට අපෙන් උණුසුම් සුභ […]


Jul
31

WhatsApp OTP වංචා ගැන CID එකෙන් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් WhatsApp සමාජ ගිණුම් භාවිතා කරන සියළු පරිශීලකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කොට තිබෙනවා. ඒ එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද නැතහොත් OTP අංකය හොරකම් කිරීම සඳහා ව්‍යාජ ඇමතුම් සහ කෙටි පණිවිඩ යොදා ගැනීමේ වංචාවක් සම්බන්ධයෙනුයි . සයිබර් අපරාධකරුවන් WhatsApp හරහා අනවසරයෙන් සම්බන්ධ වී එනම් හඬ ඇමතුම් හෝ නොමඟ යවනසුළු […]


Jul
31

ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe තරඟාවලිය සඳහා පිලිපීනය බලා පිටත්ව යයි

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe 2025 සඳහා Miss Tourism Sri Lanka ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පිලිපීනයට පිටත්ව ගොස් තිබෙනවා. තරඟාවලිය සඳහා මාස 8ක කාලයක් පමණ පෙර සූදානම් වූ බව‍යි ඇය පවසා ඇත්තේ. තරඟාවලිය ජයග්‍රහණය කොට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ බබළවන්නට ඇයට අපෙන් උණුසුම් සුභ පැතුම්!


Jul
30

ලෝකයේ ලස්සනම දූපත් 50 අතරින් ශ්‍රී ලංකාව අංක එකට

Generic placeholder image

ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් (Big 7 Travel) විසින් ඔවුන්ගේ “ලෝකයේ හොඳම දූපත් 50” (50 Best Islands in the World) ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ශ්‍රී ලංකාවට ලබා දෙමින්, ලොව ලස්සනම දූපත ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳා තිබෙනවා. 2025 වසර සඳහා වන මෙම ලැයිස්තුව ලෝකයේ වඩාත්ම විශ්මයජනක දූපත් ගමනාන්ත සමරන අතර, මෙහිදී ශ්‍රී ලංකාව […]


Jul
30

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹේ

Generic placeholder image

මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ 1715 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද(30) රාත්‍රි විදි සංචාරය කෙරේ. අද(30) රාත්‍රියෙන් ඇරඹෙන 1715 වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා මහනුවරට පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා දීමට සියළු කටයුතු සූදානම්. අද(30) සිට ලබන 9 වැනිදා දක්වා මෙම පහසුකම් ක්‍රියාත්මක වන අතර විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක […]


News Articles
Latest Videos
Most Popular Post