News Line| Off Air| Games
Generic placeholder image

Apr
19

චීනයේ රෝහලක ගින්නක්

Generic placeholder image

චීනයේ බීජිං නගරයේ පිහිටි රෝහලක ඇතිවූ ගින්නකින් විශාල පිරිසක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස චීන බලධාරීන් නියෝග කර තිබෙනවා. එහිදී 21 දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න පැතිරෙමින් තිබු අවස්ථාවේ සමහර පුද්ගලයින් ඇඳ ඇතිරිලි භාවිතයෙන් ගොඩනැගිල්ලෙන් පිටතට පැනීමට උත්සාහ දරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.


Apr
19

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (19) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල සහ මො​ණරාගල දිස්ත්‍රික්කවලට මෙලෙස උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.


Apr
18

ගාලු මුවදොර පිටිය ගැන තීරණයක්

Generic placeholder image

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


Apr
18

ඉන්ධන කෝටාව ගැන තීරණයක්

Generic placeholder image

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ඒ බව පැවසීය.


Apr
18

බොනවද ඔයත් ?

Generic placeholder image

මේ කියන්නෙ කූල් වතුර ගැන. මේ දවස්වල තියෙන රස්නෙට නම්, කූල් වතුර නොබී පුලුවන්ද?ඒත් කූල් වතුර බොන එක හොඳ ද ?නෑ. කූල් වතුරවලින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම රුධිර වාහිනී හැකිලෙන්නත් පුලුවන්. ශරීරයේ තෙතමනය අඩු වෙලා පිපාසය වැඩි වෙන්නත් පුළුවන්. ආහාර ජීරණයට බාධා කරන මේ කූල් […]


Apr
18

අප්‍රේල් 20 දෙමුහුන් සූර්යග්‍රහණයක්

Generic placeholder image

2023 අප්‍රේල් 20 වැනි දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04 ට ආරම්භ වී දහවල් 12.29 ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතයි. සූර්‍යග්‍ර්හනය, වලයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වලයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන දෙකක් […]


Apr
4

නාසා ආයතනය සඳ වෙත ගමන් කරන ගගනගාමීන් නම් කරයි

Generic placeholder image

අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියක් වන නාසා ආයතනය වසර 50කට පසු සඳ වෙත ගමන් කරන ගගනගාමීන් සිව් දෙනා නම් කර තිබෙනවා. මොවුන් අතරින් ක්‍රිස්ටිනා කොච් සඳ මෙහෙයුමකට අනුයුක්ත කළ පළමු ගගනගාමීවරිය වන අතර වික්ටර් ග්ලෝවර් පළමු කළු ගගනගාමියායි. මොවුන් ලබන අවසරේ අග භාගයේදී හෝ 2025 වර්ෂයේ මුලදී සඳ වෙත ගමන් කිරීමට නියමිතයි. මෙම ගගනගාමීන් සිව්දෙනා කැප්සියුලයකින් සඳ […]


Apr
3

කෝලිගෙන් නව වාර්තාවක්

Generic placeholder image

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ ඊයේ පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරඟයේදියි. IPL තඟාවලියේ අවස්ථා 50දී ලකුණු 50ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පළමු ඉන්දීය පිතිකරුවා බවට විරාත් කෝලි සමත් වුණා. ඔහු මේ වන විට අවස්ථා 50 […]


Apr
3

මමත් අඬන ගමන් හිනා වුණ කෙනෙක්

Generic placeholder image

“හිනාවෙන කෙනෙකු අඬනවාට වඩා අඬන කෙනෙක් හිනාවෙන කොට හරිම සුන්දරයි කියල මම හිතන්නේ. මමත් අඬන ගමන් හිනා වුණ කෙනෙක්.” ඒ ජ්‍යෙෂ්ඨ රංගධර අමරසිරි කලංසූරියගේ හදවතේ වදන්. කලංසූරිය සිංහල සිනමාවේ චරිතාංග නළුවකු ලෙස චිත්‍රපට කිහිපයකටම දායක වුනා. ඒ අතර බඹරු ඇවිත්, අපේක්ෂා, පරිත්‍යාග, සිංහබාහු, වජිරා, යස ඉසුරු, රැජින, පූජා, පොඩි විජේ සුවිශේෂී වෙනවා. රඟපෑම වෙනුවෙන් ඔහු […]


Apr
3

නොමිලේම උරුම ආභරණය

Generic placeholder image

නොමිලේම ලැබෙන, නොමිලේම දෙන්න පුළුවන් විස්මිත ඖෂධයක් තමයි සිනහව. මේක චිත්තවේග තුලනය කිරීමේ අපූරු බලවේගයක්. ඩොපමයින්, සෙරටොනීන් වගේ අපේ ශරීරෙට හිතකර හෝර්මෝන සක්‍රීයව ඇති කරන්නෙත් මේ සිනහව මඟින්. ඩොපමයින් අපේ සතුට වැඩි කරනවා, අපේ ආතතිය මුදාහරින්නෙ සෙරටොනීන්. කාංසාව හා බය නැති කරලා ප්‍රීතිය හා අභිරුචිය ඇති කරන සිනහවෙන් අපේ සමාජ සබඳතා ශක්තිමත් කරනවා. මේරියන්ඩ් විශ්වවිද්‍යාලයෙන් […]


Apr
3

පැපුවා නිව්ගිනියාවට ප්‍රබල භූ කම්පනයක්

Generic placeholder image

පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රික්ටර් පරිමාණයේ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Mar
29

රුසියාවෙන් ජපාන මුහුදට මිසයිල ප්‍රහාර

Generic placeholder image

රුසියා – යුක්‍රේන යුද ගැටුම මේ වන විට බල අරගලයක් දක්වා විහිදී අවසන්. රුසියාවේ න්‍යෂ්ඨික අවි බෙලරුසියාවේ ස්ථානගත කරන බව පුටින් මීට පෙර ප්‍රකාශ කළා. එසේ වුවහොත් බෙලරුසියාවට එරෙහිවද සම්බාදක පනවන බවයි යුරෝපා සංගමය පවසන්නේ. මීට බෙලරුසියාව පිළිතුරු ලබා දී තිබෙනවා. යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවලින් එල්ලවන පීඩනය හේතුවෙන් තම රට මෙලෙස රුසියාවට සහයෝගය ලබා […]


News Articles
Latest Videos
Most Popular Post