News Line| Off Air| Games
Generic placeholder image

Jan
9

අමාත්‍ය මණ්ඩල තීරණ

Generic placeholder image

අමාත්‍ය මණ්ඩල තීරණ – 2024-01-08


Jan
9

ජර්මානු සුපිරි පාපන්දු තරුව දිවියෙන් සමුගනී

Generic placeholder image

ජර්මානු හිටපු පාපන්දු ක්‍රීඩක franz beckenbauer (ෆ්‍රාන්ස් බෙක්න්බෝව්ර්) මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 78වන වියේ පසුවුණා. ඔහු 1974 ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා කණ්ඩායමට නායකත්වය දුන් අතර 1990 දී ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා. 1972 සහ 1976 දී ඔහු බැලන්ඩොර් සම්මානයද දිනාගෙන තිබෙනවා.


Jan
5

ටයිටැනික් පරදවන Icon of the Seas මංගල සංචාරයට සූදානම්

Generic placeholder image

ලොව මෙතෙක් නිෂ්පාදනය කරන ලද විශාලතම මගී ප්‍රවාහන නෞකාව මංගල සංචාරය සඳහා සුදානම් වන බව වාර්තා වනවා. අයිකන් ඔෆ් ද සීස් ලෙස නම් කර ඇති මෙය ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක් පමණ විශාල බවයි වාර්තා වන්නේ. ලබන 27 වනදා අමෙරිකාවේ මියාමි වරායෙන් නෞකාව මංගල සංචාරය ආරම්භ කිරීමට නියමිතයි. තට්ටු 20කින් සමන්විත අයිකන් ඔෆ් ද සීස් […]


Jan
5

තෛපොංගල්වලින් පසුව රාජ්‍ය සේවකයන්ට සහන(VIDEO)

Generic placeholder image

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ […]


Jan
4

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Generic placeholder image

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 3 කට සහ විස්සයි විස්ස තරග 3 කට සහභාගී වීමට නියමිතයි.


Jan
4

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

රජයේ සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලි බලය, ඉන්ධන සහ ගුවන් තොටුපොළ – වරාය ආශ්‍රිත සේවාවන් එමගින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.


Dec
7

ටෙස්ලා සමාගමේ නවතම නිෂ්පාදනයක් වෙළඳපොළට

Generic placeholder image

ටෙස්ලා සමාගමේ නවතම නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. ඒ සයිබර් ට්‍රක් රථයකුයි. එහි පළමු ට්‍රක් රථ දහස ගනුදෙනුකරුවන් සඳහා මේ වන විටත් පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ. එම සයිබර් ට්‍රක් රථයක් වටිනාකම අමෙරිකානු ඩොලර් 60,990ක්. එක් වරක් සිදුකරන බැටරි ආරෝපණයකින් පසුව මෙම ට්‍රක් රථයෙන් කිලෝමීටර 547ක් ගමන් කර හැකි වීම එහි එක් විශේෂත්වයකි. ටෙස්ලා සමාගමේ […]


Dec
7

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමක් – 3ක් මරුට

Generic placeholder image

අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් 3ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මධ්‍යයේ දැක්වෙන්නේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරය හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම සිදුවීමත් සමඟ නෙවාඩා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමටයි […]


Dec
6

යුක්‍රේන යුධ පිටියට ගිය ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු රුසියානු වෙඩි ප්‍රහාරයකින් මරුට(VIDEO)

Generic placeholder image

යුක්‍රේන හමුදාවට සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු රුසියානු වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙසේ මිය ගොස් ඇති කපිතාන් රනිෂ් හේවගේ කලක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ.


Dec
6

රටවිරුවන්ට 8% ක පොලියට ණය

Generic placeholder image

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරිම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසිස් හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් එහි ප්‍රාදේශීය සංවර්ධන […]


Dec
5

අපරාධකරුවෙක් සැඟව සිටි නිවසක විශාල පිපිරීමක්

Generic placeholder image

අමෙරිකාවේ වොෂින්ටන්හි නිවසක විශාල පිපිරීමක් සිදුවන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. යම් අපරාධකරුවෙකු සැඟව සිටි නිවසකුයි මෙලෙස පිපිරීමට ලක්ව ඇත්තේ. එම අපරාධකරුව අත්අඩංගුවට ගැනීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඔහු නිවස තුළ දී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පසුව පිපිරිම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුරෙන් පොලිස් […]


Dec
4

අස්වැසුම ප්‍රතිලාභ ගැන දැනුම්දීමක්

Generic placeholder image

ඔක්තෝබර් මාසයේ අසුවැසුම මේ වන විට බැංකු වෙත යවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව පවුල් ලක්ෂ 14කට අධික පිරිසකට නම් ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. මීට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන අට දහස් 775ක්.


News Articles
Latest Videos
Most Popular Post