News Line| Off Air| Games
Generic placeholder image

Aug
24

අක්කා තෑගි දුන් බලාපොරොත්තුව

Generic placeholder image

පෙරුම් පිරූ නමුත් සැබෑ කර ගැනීමට අපහසු වූ බලාපොරොත්තුවකට පණ දුන් පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා. ඒ 34 හැවිරිදි දරු ඵල නොමැති කාන්තාවකට ඇයගේ වැඩිමල් සොයුරියගේ ගර්භාෂය පරිත්‍යාග කිරීමයි. පැය 9යි විනාඩි 20කට පසු ඇයගේ ගර්භාෂය බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව නිම කල බව වාර්තා වනවා. මෙම සැත්කම සදහා වෛද්‍යවරු හෙද හෙදියන් ඇතුලු 20 දෙනෙකුගෙන් පමණ […]


Aug
24

චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳ මතට

Generic placeholder image

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 යානයේ වික්‍රම් ලෑන්ඩරය සැලසුම් කල පරිදි ඊයේ (23) සවස 6.4ට සාර්ථකව සඳට ගොඩබැසීම සිදුකළා. මේ වන විට එහි රෝවරය සඳ මත පළමු පියවර තබා ඇති අතර සඳ මත ඇවිද ගිය බවයි ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ. එසේම එය සඳේ ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින් විශ්ලේෂණය සඳහා දත්ත සහ පින්තූර රැස් කරන බවද […]


Aug
15

වනිඳු හසරංග ටෙස්ට් පිටියට සමුදීමේ සූදානමක්

Generic placeholder image

ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. වනිඳු සිය තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇති බවයි ක්‍රිකට් ආයතනය තහවුරු කළේ. අදාළ ලිපිය පහතින්,


Aug
10

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයෙක්ව වෙඩි තබා ඝාතනය කෙරේ

Generic placeholder image

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක Fernando Villavicencio වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ ඔහු එරට අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වී සිටියදී. කෙසේ වෙතත් සැකකරු අල්ලා ගැනීමට සිදුකළ මෙහෙයුම්වල දී ඇතිවූ තුවාල හේතුවෙන් ඔහු ද මිය ගිය බව එරට බලධාරීන් පවසනවා. ඉක්වදෝරයේ ජනාධිපතිවරණයේ පළමු වටය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.


Aug
10

එලොව ගිහින් පැය භාගයෙන් මෙලොව ආව දේශපාලඥයා

Generic placeholder image

භාරතීය ජනතා පක්ෂයේ නායක මහේෂ් බගේල් නම් දේශපාලඥයා මියගොස් විනාඩි 30කට පසු නැවත ජිවතුන් අතරට පැමිණ තිබෙනවා. ඇතිවූ ආසාධන තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකළ බවයි වාර්තා වන්නේ. රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වී තිබුණා. පසුවයි වෛද්‍යවරුන් මහේෂ් බගේල් මිය ගිය බවට තහවුරු කර ඇත්තේ. කෙසේ වෙතත් දේහය නිවසට රැගෙන විත් විනාඩි කිහිපයකට පසු […]


Aug
8

අමෙරිකාවේ ගිනි නිවීමක් අතරතුර හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටෙයි

Generic placeholder image

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී ගිනි නිවන හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. ඒ ගිනි නිවීමේ මෙහෙයුමක් අතරතුර දී. අනතුරින් පුද්ගලයින් තුන් දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුර සිදුව ඇත්තේ හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටීමෙනුයි. නමුත් එක යානයක් නිරුපද්‍රිතව ගොඩබස්වා ඇති අතර කඩා වැටි ඇත්තේ අනෙක් යානයයි. සිද්ධිය සම්බන්ධයෙන් එරට ගමනාගමන ආරක්ෂක මණ්ඩලය පරීක්ෂණ ආරම්භ […]


Aug
7

පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි

Generic placeholder image

ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කදවුරු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. අද (07) පෙරවරු 11. 27 ට පමණ ගුවන් හමුදා චීනවරාය කදවුරු ප්‍රදේශයේ […]


Jul
31

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයක් – 44ක් මරුට

Generic placeholder image

පාකිස්ථානයේ දේශපාලන රැළියක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පාකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂය සංවිධානය කර තිබූ දේශපාලන රැළියකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. එසේම පුද්ගලයින් 100 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර මරණ […]


Jul
26

ඕස්ට්‍රේලියා වෙරළට ආ තල්මසුන්

Generic placeholder image

බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයට තල්මසුන් විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙනවා . ඒ අතරින් තල්මසුන් 50ක් පමණ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම වෙරළට මීටර් 100ක පමණ දුරින් පොකුරක් ආකාරයට මෙම සත්වයන් දර්ශනය වී තිබෙනවා. ගොඩ ගැසු තල්මසුන්ගෙන් තවත් 50කට ආසන්න ප්‍රමාණයක් යළි මුහුදට යැවීමට කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍යයේ සඳහන්.


Jul
26

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Generic placeholder image

රන්පොකුණුගම සහ කිරිඳිවැල ජලසම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 10කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, අද පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බවයි. ඒ අනුව පූගොඩ, කිරිඳිවල, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මදුවේගෙදර, ඌරපොළ […]


Jul
24

සිරුරට ප්‍රතිලාභ රැසක් දෙන Fish oil

Generic placeholder image

ශරීර සෞඛයට හිතකර තෙල් වර්ග වලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් ලබා ගත යුතු බව අපි හැමෝම දන්නා කරුණක්. ඒ අතරින් ස්වභාදහමේ නිමැවුණු එක් අනර්ඝ […]


Jul
21

පලාගිය සිංහයෙකු සොයා මෙහෙයුමක්

Generic placeholder image

පලාගිය සිංහයෙකු සොයා ජර්මන් පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ජර්මනියේ බර්ලින් අගනුවර දකුණු ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා. පොලිස් නිලධාරීන් සිය ගණනක් මෙහෙයුමට සම්බන්ධ වී සිටින අතර හෙලිකොප්ටර් යානා ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post