පත්තර කියවීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සියත අද (17) කතුවැකිය පහතින් නැරඹිය හැකිය. අද සියත කතුවැකිය මගින්, සමාජය දැඩි ඛේදනීය තත්ත්වයක වැටුප් ගෙවන්න සල්ලිත් නෑ – නව බදවාගැනීම් අඩුවකුත් නෑ කෝටි 5000ම බෙහෙත් ගෙනාපු ණයමද? චීනය දලෙයි ලාමාගේ දොර වසයි? යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡාව නැරඹිය හැකිය.
රාජ්‍ය සේවක මාසික වැටුප් ගෙවීමේ වෙනසක්.
පත්තර කියවීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සියත අද (17) කතුවැකිය පහතින් නැරඹිය හැකිය. අද සියත කතුවැකිය මගින්, දවසේ කාටූන් විග්‍රහය සමස්ථ ආර්ථික ගැටලුවලට විසදුම? මේක දැන් අපරාධ ලෝකයක් වෙලා සිරින්ජර් එහෙම නම් බෙහෙත් කොහොම ඇතිද? ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතුයි – වරදකරුවන්ට නිසි දඩුවම් දෙන්න යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡාව නැරඹිය හැකිය.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. දකුණු පළාතේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් […]
නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුරෙන් පසු අද දින (16) එරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊයේ (15) උදෑසන නේපාලයේ සංචාරක නගරයක් වෙත පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අද (16) සිට කෙටිදුර දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව සාමාජිකයින් 200,783ක් බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. කෙසේනමුත් 2024 වන විට මුළු ඇස්තමේන්තුගත සාමාජිකයන් සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති අතර 2030 වන විට ඵම සංඛ්‍යාව 100,000 දක්වා ප්‍රමාණයක පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බවයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ලොව බලගතුම විදෙස් ගමන් බලපත්‍ර අතර ජපානය පළමු තැනට පත්ව තිබෙනවා. සිංගප්පූරුව සහ දකුණු කොරියාව දෙවනි තැනටයි පත්ව ඇත්තේ. ආසියානු රටවල් ත්‍රිත්වයක් ලොව බලගතුම විදෙස් ගමන් බලපත්‍ර හිමිකරුවන් බවට පත් වෙද්දී එම දර්ශකයේ ශ්‍රී ලංකාව සිටින ස්ථානය ගැන සතුටු වෙන්න බැහැ. ශ්‍රී ලංකාව ලොව හොඳම ගුවන් ගමන් බලපත්‍ර අතර පත්ව ඇත්තේ සියවෙනි ස්ථානයටයි.
වන අලි ගැටීම හේතුවෙන් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපැනීමකට ලක්ව තිබේ. හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. අද අලුයම සිදුවූ මෙම අනතුර හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැක.
හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඊයේ (12) පැවති රැස්වීමක් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති හිටපු මහ ඇමතිවරයා එම රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ. මිය යන විට ඔහු 75 වන වියේ පසු වුණා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතී.
මේ දිනවල සිඝ්‍රයෙන් වෛරස් උණ රෝගයක් පැතිර යමින් පවතිනවා. එමෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්ද පෙන්නුම් කරන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ.