බස්නාහිර පළාතෙන් පිටව යාමට පනවා තිබූ තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ දක්වා සිදුවන බස් රථ සේවා සහ දුම්රිය ධාවනය නැවතත් සාමාන්‍ය පරිදි සිදු වන බවයි පොලිසිය පැවසුවේ. මේ අතර කොළඹ – කොටුව, පිටකොටුව, මරදාන, කොම්පඤ්ඤවීය සහ වේල්ලවීදිය යන පොලිස්බල ප්‍රදේශ අද සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කෙරෙන බව පසුගිය සෙනසුරාදා […]
දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින වලදී වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
කොරෝනා වෛරසය හේතුවෙන් සිය මව්බිමට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. කටාර් රාජ්‍යයේ රැකියා කල ශ්‍රී ලාංකිකයන් 12 හා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සදහා ගිය හමුදනිලධාරින් 79 දෙනෙකු මෙලෙස පැමිණ ඇත්තේ.
2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි අතර කඩයිම් ලකුණු ද නිකුත් කරතිබෙනවා.
සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව හෙට(16) පෙරවරු 8.00 වනවිට ඔවුන් සියලුදෙනාම සිය ආයතනවලට වාර්තා කළ යුතු වෙයි.
කොවිඩි 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් හුදකලා කළ ප්‍රදේශවල BOI සහ EDB කර්මාන්ත ශාලා වෙත දැනුම් දීමක් කර තිබේ.
අද(15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි […]
ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි කැළණිය පොලිස්බල ප්‍රදේශය ද හුදෙකලා කිරීමට තීරණයකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා කළ පොලිස්බල ප්‍රදේශ අතරින් මීගමුව, ජා-ඇල, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරෙන බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා […]
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව කොළඹ – කොටුව, පිටකොටුව, කොම්මපඤ්ඤවීදිය, වේල්ලවීදිය සහ මරදාන යන ප්‍රදේශ සඳුදා උදෑසන 5 සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.
පෑලියගොඩ කොරෝනා ආසාදනය වූ පොකුර ආශ්‍රයෙන් තවත් ආසාදිතයින් 214 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර එම පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 12,909ක් ලෙසයි.
බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආසාදිතයින්ගේ සමස්තය දැක්වෙන්නේ 329ක් ලෙසයි.
දරුණු කොරෝනා වෛරසය මුළු ලොවක් ගිල ගනිමින් ඇති මොහොතක ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවලට අනුව අප පසුවන්නේ තුන්වැනි අවදානම් මට්ටමේයි. දිනෙන් දින සීඝ්‍රයෙන් පැතිර යන වසංගතය මේ දිනවල ප්‍රධාන වශයෙන් ගොදුරු කර ගනිමින් සිටින්නේ බස්නාහිර පළාතයි. මෙතෙක් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කය ද පසු කරමින් අඛණ්ඩව දින පහක් පුරා වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් […]