News Line| Off Air
Generic placeholder image

Nov
16

තවත් 311 දෙනෙක් සුව අතට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 11,806ක් දක්වා ඉහළ ගියා. ඒ, අද තවත් 311 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිකුත් කරන දෛනික වාර්තාවට අනුව මේ වනවිට රෝහල්ගත කර සිටින රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,423ක් ලෙසයි. එමෙන්ම කොරෝනා වෛරසය බවට සැක සහිතව රෝහල්ගතකර […]


Nov
16

ගිනි අවි බලපත්‍ර අළුත් කිරීමේ කාලය දීර්ඝ කරයි

Generic placeholder image

2021 වසරට අදාළ සියලුම ගිනි අවි බලපත්‍ර සහ පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනවල බලපත්‍ර අළුත් කිරීමේ කාලය දීර්ඝකර තිබෙනවා. එහි අවසන් දිනය ලෙස මින් පෙර නම්කර තිබුණේ එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා වන අතර එය ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ. එමෙන්ම පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම බලපත්‍ර අළුත් […]


Nov
16

ඩයනා ගමගේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියව සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණයකර තිබෙනවා. සමගි ජන බලවේගයේ ව්‍යවස්ථා ප්‍රකාරව අදාළ තීරණය ගෙන ඇති අතර එම තීරණය සම්බන්ධයෙන් ඩයනා ගමගේ මන්ත්‍රීවරියට පක්ෂයේ සභාපතිවරයා ලිඛිතවා දන්වා ඇති බවයි වාර්තා වන්නේ.


Nov
16

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්

Generic placeholder image

දිවයිනට උතුරු, ඊසාන, නැගනෙහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන්නන්ට එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදී සැළකිලිමත් වෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවලට ඉහළින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරෙයි දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත […]


Nov
16

ඉන්දීය ප්‍රවීණ සිනමා නළු සෞමිත්‍රා චැටර්ජි කොරෝනා වෛරසය වැළඳී මියයයි

Generic placeholder image

ඉන්දියාවේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ නළුවෙකු වන සෞමිත්‍රා චැටර්ජි මහතා කොරෝනා වෛසරය වැළඳී මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. මියයන විට ඒ මහතා 85 වැනි වියෙහි පසු වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් චැටර්ජි මහතාව පසුගිය මස 6 වැනිදා රෝහල්ගතකර තිබූ බවයි. දින 40කට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි සෞමිත්‍රා චැටර්ජි […]


Nov
16

කොට්ටාව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකටත් ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

හෙට දිනය තුළ පැය 10ක කාලයක් සඳහා කොට්ටාව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොට්ටාව සහ මහරගම ආශ්‍රිත පැලැන්වත්ත, ඇරැව්වල, සිද්දමුල්ල, පිංහේන හන්දිය, ගොරකපිටිය පාර, මොරකැටිය සහ නිවන්තිඩිය යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 9 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති.


Nov
16

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

Generic placeholder image

අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ හෙට පෙරවරු 8.30 සිට පස්වරු 7.30 දක්වා කාලය තුලයි.


Nov
16

මිනුවන්ගොඩ කොරෝනා පොකුර සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවට යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

පසුගිය ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ වූ මිනුවන්ගොඩ කොරෝනා පොකුර මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවට යුද හමුදාපතිවරයා සදහන් කරනවා. සමස්ත මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 3106ක් වූ අතර එයින් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ 136ක් පමණයි. අන් සියලු දෙනා සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.


Nov
16

මෙවර ශිෂ්‍යයත්ව විභාගයෙන් උපරිම ලකුණු ලබාගත් හපනුන් 10ක්

Generic placeholder image

මෙවර 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු සිටින බව විභාග දෙපාර්තුමේන්තුව පවසනවා. ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සිසුවිය, ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි සිසුවිය, රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා සිසුවිය, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් සිසුවා ලකුණු 200 ලබාගත් සිසුන් අතර වනවා. එමෙන්ම දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ […]


Nov
16

ශිෂ්‍යයත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Generic placeholder image

5 ශ්‍රේණිය ශීෂ්‍යයත්ව විභාගයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණු නිකුත්කර තිබෙනවා. එම කඩඉම් ලකුණු ඇතුළත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් : පවතින වසංගත තත්ත්වය හමුවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය පැවැත්වුණේ, ඉකුත් ඔක්තෝබර් මස 11 වැනිදායි. ඒ සඳහා අයදුම් කළ ශිෂ්‍යයින් සංඛ්‍යාව 331,741ක් වන අතර ඉන් ශිෂ්‍යයින් 326,264 දෙනෙකු විභාගයට පෙනී සිටියා. ඒ අනුව ඊට […]


Nov
16

වාහන ආනයනය කිරීමේ තහනම තව දුරටත්

Generic placeholder image

වාහන ආනයනය කිරීමේ තහනම තව දුරටත් වසරකින් දිගු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙරට ප්‍රමාණවත් තරම් වාහන තිබෙන බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Nov
16

රිෂාඩ් බදියුදීන්ට අධිකරණය නිකුත් කළ නියෝගය

Generic placeholder image

විල්පත්තුව අභය භූමිය ආසන්නයේ පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමෙහි තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා. ඒ එම නඩුව අද අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි. එහිදී අභියාචනාධිකරණය තීන්දු කළේ, අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම සඳහා රක්ෂිතයක් එළි පෙහෙළි කිරීම නීති විරෝධී බවයි. ඒ හේතුවෙන් […]


News Articles
Latest Videos
Most Popular Post