දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී – 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. සාම්ප්‍රදායික, සංස්කෘතික හා කලා වටිනාකමකින් යුත් විශිෂ්ට නිර්මාණ සංරක්ෂණය, සංවර්ධනය හා කලා ශිල්පීන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් “ජාතික ශිල්ප අභිමානී” ජනාධිපති සම්මාන […]
හෙද , පරිපූරක සහ අතුරු වෛද්‍ය යන සේවා එකාබද්ධ වෘත්තීය සමිති 16 ක් අද (26) උදෑසන 7 සිට බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් , පවුල් සෞඛ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින් ද වර්ජනයට එක්ව සිටිනවා. කෙසේ වෙතත් වර්ජනය පැවතිය ද අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බවයි වෘත්තීය සමිති පවසන්නේ.
විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා පත් කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී.සී ප්‍රනාන්දු මහතා විසින් නව පත්වීමට අදාළ ලිපිය අබේසේකර මහතා වෙත පිරිනමා තිබෙනවා. රොහාන්ත අබේසේකර මහතා විදුලි ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයායි. ඔහු මීට පෙර අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ ඔහු විසින් දරන ලද අපරාධ හා රථ වාහන ජ්‍යෙෂ්ඨනියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරවයි. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
ඊයේ (25) දිනයේ කොරෝනා ආසාදිතයින් 891ක් මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට පැමිණ සිටි හඳුනාගත් පුද්ගලයන් 03 දෙනෙකු ද සිටින බව එම වාර්තාවේ සඳහන් වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 603,654ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මධ්‍යම, සබරගමුව,උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් […]
ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් හා විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොනරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි සිමෙන්ති වැඩි මිලට විකුණු ව්‍යාපාරික ස්ථාන 56ක වැටලීම් සිදු කර තිබෙනවා. […]
මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර / යටිනුවර ජල සම්පාදන ක්රමයේ කැන්දකඩුව සේවා ජලාශය සදහා අලුත් පොම්ප සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව, ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද (19) පෙරවරු 09.00 සිට පස්වරු 5.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බවයි, ජල ප්‍රවාහන මණ්ඩලය පවසන්නේ. ජල සැපයුම […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
ඊයේ (24) මෙරටින් කොරෝනා ආසාදිතයින් 877ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 602,763ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මියගොස් ඇත්තේ. මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසු වුණා.