News Line| Off Air
Generic placeholder image

Jan
8

රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සටන් නළුවෙකු හා සටන් අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට මෙන්ම ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙනවා. රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට 84 වන වියේ පසු වුණා.


Jan
7

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ දී වරින් වර විදුලිය කප්පාදුවක්

Generic placeholder image

අද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ දී වරින් වර විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මිට හේතුව කැළණි තිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිද වැටීමයි.


Jan
7

ආසාදිතයින් 584ක්

Generic placeholder image

ඊයේ (06) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 584ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 590,063ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Jan
6

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Jan
6

ආසාදිතයින් 550ක්

Generic placeholder image

ඊයේ (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 550ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 589,479ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Jan
6

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට […]


Jan
5

කසකස්ථානයේ පෙට්‍රල් මිල ඉහළ යාම නිසා සති දෙකක හදිසි තත්ත්වයක් – පොලිස් පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් ද සිදු වෙයි

Generic placeholder image

කසකස්ථානයේ ඉන්ධන මිල පසුගිය දිනවල ඉහළ ගීයා. එමෙන්ම ඉන්ධන පෝලිම් ද ඇති වුණා. ඒ සමගම වීදි බට ජනතාව රජයට එරෙහිව උද්ඝෝෂණවල නිරත වුණා. සමහර උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී වූ අතර ඒවා මර්දනය සඳහා කඳුළු ගෑස් සහ පහරදීම් සිදු කළ බවයි වාර්තා වන්නේ. උද්ඝෝෂකයින්ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් පොලිස් රථ තුළට ඇද දැමූ බවයි වාර්තා වෙන්නේ. අවසානයේ දී මේ […]


Jan
5

එන්නත් ගත්තේ නැති ප්‍රංශ ජාතිකයින්ව සිරගත කිරීමට සූදානම් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කියයි

Generic placeholder image

ප්‍රංශය ද නව කොවිඩ් රැල්ලකට මුහුණ දෙමින් සිටිනවා. මේ පිළිබඳව එරට ජනපති එමානුවෙල් මැක්‍රොන් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එන්නත් ගත්තේ නැති පුද්ගලයින් රටටම කරදරයක් වී ඇති බවයි. ඔවුන්ව සිරගත කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා ඔහු භාවිත කර ඇති ඉංග්‍රීසි වචන කිහිපය වනයේ “I won’t send […]


Jan
4

දිල්ලියේ තුන්වන රැල්ල ඇරඹේ

Generic placeholder image

ඉන්දියාවේ නවදිල්ලිය කේන්ද්‍ර කර ගනිමින් තුන්වන කොවිඩ් රැල්ලක් ආරම්භ වී ඇතැයි වාර්තා වනවා. නව කොවිඩ් රෝගීන්ගෙන් 84% ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින් බවයි වාර්තා වන්නේ. සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා රෝහල් ගත කිරීම් ද ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ගත වූ පැය 24 තුළ පමණක් නව ආසාදිතයින් 4099 දෙනෙකු වාර්තා වී තිබෙනවා.


Jan
4

රජයේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළ සුසිල් ජනපති නියෝග මත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට

Generic placeholder image

සුසිල් ප්‍රේමජයන්ත් මහතා සාමාන්‍යයෙන් කියන්න තියන දේ කෙලින් කියන දේශපාලඥයෙක් ලෙස ප්‍රසිද්ධයි. අධි නීතීඥවරයෙකු වන ඔහු බුද්ධිමත් දේශපාලඥයෙකු බවයි ජන විශ්වාසය. අද ඔහුට රාජ්‍ය ඇමතිකම අහිමි වුණා. ඒ ජනපති නියෝගයෙන්. සුසිල් ප්‍රේමජයන්ත් මහතා පසුගිය දිනවල සිදු කළ සැර ප්‍රකාශ රාජ්‍ය ඇමතිකම අහිමි වීමට ආසන්නතම හේතුවද?


Jan
4

බැසිල්ගෙන් ජනතාවට සහන රැසක්

Generic placeholder image

රට මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක භාණ්ඩ හා සේවා ගිනි ගණන් මේ වගේ වෙලාවක කිසියම් හෝ සහනයක් ලැබීම ජනතාවට විශාල අස්වැසිල්ලක්. පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවත් ක්‍ෂේත්‍ර රැසක් සඳහා සහන රැසක් ලබා දීමට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට් අනුමැතිය හිමි වූ සැනින් ජනතා සහන පිළිබඳ දැනුම් දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා […]


Jan
4

මන්ත්‍රී විජේදාසගෙන් චීන ජනපතිට සැර ලිපියක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය කරුණු 45 කින් සමන්විතයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර වර්තමානයේ හට ගෙන ඇති ගැටලුකාරී තත්ත්වයන් මෙම ලිපියේ වැඩි වශයෙන් අන්තර්ගත වනවා. චීනය විසින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට කොමිස් මුදල් විශාල ලෙස ලබා දීම පිළිබඳව ද විජේදාස මන්ත්‍රීවරයා […]


News Articles
Latest Videos
Most Popular Post