News Line| Off Air| Games
Generic placeholder image

Jan
20

අඩි 36,000 ක් ඉහළ අහසේදී පාප් වහන්සේ යුවලක් විවාහ කරයි. (PHOTOS)

692 Views


අඩි 36,000 ක් ඉහළ අහසේදී පාප් වහන්සේ යුවලක් විවාහ කරයි. (PHOTOS)

අද කාලේ තියෙන Trend එකක් තමයි අමුතු විදියේ විවාහ උත්සව ගන්න එක. එ් වගේ විවාහයක් පාප් වහන්සේ සිදු කරා. එ් අඩි 36,000 උස ඉහළ අහසේදී.

පාප් වහන්සේගේ නිල ගුවන් යානයේ කාර්ය මණ්ඩල සේවකයින් දෙන්නෙක්ව තමා මේ විදියට විවාහ කරේ. “කාලෝස් සියුෆරාඩි” සහ “පෝලා පොඩෙස්ට්” තමයි මේ විදියට විවාහ වුනේ. චීලී සංචාරය අවසන් කරලා පාප් වහන්සේ නිල ගුවන් යානයෙන් පේරු බලා යද්දී තමයි මේ විවාහය කරලා තියෙන්නේ.

මේ දෙන්නා 2000 දී විවාහ ගිවිසගෙන තියෙනවා. එ්ත් කතෝලික පල්ලිය ඉදිරියේ චාරිත්‍රාණූකූලව මංගල උත්සවයක් පවත්වලා නෑ. එ්කට හේතු වෙලා තියෙන්නේ ඔවුන් විවාහ වෙද්දී මහා භූමිකම්පාවක් අැතිවුණ එක. ඉතිං පාප් වහනසේ මේ දෙන්නාව උඩුගුවනේදී විවාහ කරා.

මේ වෙද්දී කාලෝස්ට සහ පෝලාට දරුවන් දෙන්නෙකුත් ඉන්නවා. පාප්තුමාගේ නිළ ගුවන් යානයේ සිදු කරපු පළවෙනි විවාහ මංගල උත්සවයත් මේක.

මේ තියෙන්නේ විවාහ සහතිකය.

 


News Articles
Latest Videos
Most Popular Post